Sunday, May 19, 2024

” බොහෝ දේශපාලකයෝ ගොවීන්ගේ එළවලු ටික තුට්ටු දෙකට අරගෙන ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩ කළා ”

Must read

kalpitiya
කල්පිටියේ වගා බිමක දර්ශනයක්


ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු  මන්ත්‍රී,  අජිත් ගිහාන් /
පසුගිය මාස දෙකක කාලය රටේ වෙනත් දිස්ත්‍රික්ක වල මෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේද ගොවිජනතාව ,සහ ධීවර ජනතාව තමන්ගේ කර්මාන්තයට විශාල ලෙස පාඩු ලබාගනිමින් කබලෙන් ලිපට වැටුණ ගානට පත්විය. ගොවීන්ගේ අස්වැන්න පළදාව නෙළන කාලයේදීම පුත්තලම් දිස්ත්‍රික්කයට  කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවිණි. පොහොර හිඟයත් සමග කෙසේ හෝ වගාකටයුතු වල නියළුන  එළවලු ගොවීන්ට අස්වැන්න නියම මිළකට අළෙවි කරගැනීමේ අකරතැබ්බයට මුහුණ දෙන්නට සිදුවූයේ  කොරෝනා වසංගතයත් හේතුකොටගනිමිනි.  ඔවුන් මුහුණ දුන් පාඩුවට යම් සාධාරණ විසදුමක් ලබාදිය යුතු බව සමස්ත ලංකා ගොවිජන  සම්මේලනයේ ජාතික විධායක කමිටු සාමාජික ,ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී  අජිත් ගිහාන් මහතා පවසයි. 
පහත දැක්වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය වැනි ප්‍රෙද්ශ වල ගොවි ජනතාව මුහුණ  දී ඇති අර්බුදය පිළිබදව ඔහු විසින් සිදුකළ කෙටි අදහස් දැක්වීමකි. 


Ajith Gihan

.” අද වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපයේ එළවලු වගා කරන ගොවි ජනතාව තමන් වගා කළ එළවලු වලට සාධාරණ මිළක් ලබාගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය මාස 2ක තුළ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ එම කාලය තුළ ඔවුන්ගේ වගාවන් වල පළදාව නෙලන කාලය. ඔවුන් බලාපොරොත්තු වුණා ආන්ඩුව මැදිහත් වෙලා සාධාරණ මිලක් ලබාදෙයි කියලා. නමුත් එය නෙමේ සිදුවුණේ.  අපි දුටුවා  දිස්ත්‍රික්කයේ ඉන්න මෙවර මැතිවරණයට ඉදිරිිපත් වෙලා ඉන්න දේශපාලනය කරන මහත්තුරු පවා ඒ ගොවියන්ගේ ගම්වලට ගිහිල්ලා ඒ එළවලු තුට්ටු දෙකට අරගෙන ගම්වල ඉන්න තමන්ගේ පාක්ෂිකයින්ට සහ ගම්වල ජනතාවට ලබාදුන්නා. හැබැයි මේ මොහොතේ මේ කොරෝනා තත්ත්වය උඩ  ජනතාවට එළවලු මල්ලක් ලබාදීම සාධාරණයි. නමුත් ඔවුන් කටයුතු කළේ නෑ රටේ ගොවිජනතාවගේ  එළවලු වලට සාධාරණ මිළක් ලබාදෙන්ඩ. පුත්තලම් දිස්ද්‍රික්කයේ සිටින සහ හිටපු අමාත්‍යවරුන්ටත් වගකීමක් තියෙනවා මේ ගොවි ජනතාවගේ එළවලු වලට සාධාරණ මිළක් ලබාදීමට කටයතු කිරීමට. image_ea5e629408
නමුත් සිදුවුණේ  මේ ගොවි ජනතාවගේ අසරණකම විකූණගෙන කාපු එකයි. ඔවුන් එළවලු නිෂ්පාදනයට වියදම් කරපු මුදල ලබාගැනීම සඳහා හෝ විසඳුමක් දිය හැකිව තිබුණා. ඒකට වැඩපිළිවෙලක් හදන්නේ නැතුව ඔවුන් කළේ  ගොවින්ගේ එළවලු අඩුවට අරගෙන තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කරගෙන යෑමයි. මැතිවරණ ව්‍යාපාරය තමයි සිදුකළේ. ඒ නිසා ලැජ්ජා වෙන්න ඕ්නා අපේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉන්න මහජන නියෝජිතයෝ. වර්තමාන ආන්ඩුකරන සංවිධායකවරු.  ආණ්ඩුව පොහොර දෙනවා කිව්වාට පොහොර සහනාධරයත් නෑ, නිකනුත් නෑ ,මුදලටත් පොහොර නෑ. ඔවුන් වැඩි මිළට කැට පොහොර අරගෙන තමා මේ ගොවිතැන් කරන්නේ. යූරියා ඒ ප්‍රෙද්ශ වල හොයන්ඩත් නෑ. ඔවුන්ගේ එළවලු විසික් කරන්ඩ වුණේ නෑ. හැබැයි ඔවුන් මේ රටේ ජනතාවට කන්ඩ දුන්නා. ආණ්ඩුවට වගකිමක් තියෙනවා ඒ ජනතාවට සාධාරණයක් ඉටුකරන්ඩ. නමුත් කිසිදු බලධාරියෙක් මේ වෙනතෙක් පැමිණ ඔවුන්ගේ වගාවන්ට සිදුවූ පාඩු ගැන තක්සේරුවක් කළේ නෑ. අපි දැක්කා ගොවීන් වගාකරපු මිරිස් කොටු තියෙද්දී බිම හානවා. එහෙම තත්ත්වයක් තමා කල්පිටියේ ගොවියට උදාවෙලා තියෙන්නේ. අපි සමස්ත ලංකා ගොවි සම්මේලනය විදිහට දිගින් දිගටම කිව්වා මේ ගොවියන්ගේ මේ එළවලු වලට අවම මිළක්වත්  මිළක් ලබාදෙන්ඩ කටයුත කරන්ඩ කියලා. ආන්ඩුව ඒ ගැන අවධානයක් යොමු කළේ නෑ.  ”

https://m.facebook.com/story.php?story_fbid=573774926852139&id=100026589094312&sfnsn=mo&d=n&vh=i

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article