Tuesday, May 7, 2024

පෞරාණික බුද්ධ ප්‍රථිමාවක් මාදම්පේ විහාරස්ථානයකින් හමුවෙයි

Must read

04

පෞරාණික වටිනාකමක් ඇති බවට අනුමාන කළ හැකි බුද්ධ ප්‍රථිමාවක් හමුවී ඇති බව මාදම්පේ – ඌරලිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මැටිකොටුවේ ඥානකුසල හිමියන් සදහන් කරයි.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන වෙනත් ස්වාමීන් වහන්සේ නමක් බෝ මළුව අමදිමින් සිටින විට ඊට ආසන්නයේ තිබෙන වැලි ගොඩක කිසියම් දෙයක් තිබෙනවා දැක ඒ සම්බන්ධයෙන් සොයා බැළු විට මෙම පිළිම වහන්සේ හමුවී ඇති බවද උන්වහන්සේ සදහන් කරයි.අගල් 18 ක පමණ උසකින් යුක්ත පිළිම වහන්සේ කිලෝ 06 ක පමණ බරකින් යුක්තය.වැලි මිශ්‍ර කිසියම් පාෂාණ විශේෂයකින් මෙම පිළිමය නිර්මාණය කර ඇති බවක්ද දක්නට ඇත.බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ නිරත වන අකාරය හමුවී ඇති පිළිම වහන්සේ තුළින් දැක ගත හැක.06 05

මේ අතර විහාරස්ථානයේ බුදු මැදුරේ තැම්පත් කර තිබෙන කරඩුවක් තුළට ධාතූන් වහන්සේලා තුන් නමක් වැඩම කර ඇති බවත්,එයද අහඹු ආකාරයට සිදුවී ඇති බවද විහාරාධිපති මැටිකොටුවේ ඥානකුලස හිමියන් සදහන් කරයි.

හමුවී ඇති පිළිම වහන්සේ සහ වැඩම කර ඇති ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් පුත්තලම දිසා ලේකම්වරයා දැණුවත් කිරීමටද කටයුතු කර ඇති බවද විහාරාධිපති හිමියන් සදහන් කර සිටියේය.

(හමුවී ඇති පිළිම වහන්සේ,එම පිළිම වහන්සේ සමග විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ වැඩම කර ඇති ධාතූන් වහන්සේලා ඡායරූප වලින් දැක්වේ)


 

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article