Sunday, May 5, 2024

මවගේ අනියම් සැමියා ඇතුඵ නරුමයින් තිදෙනෙකු අවුරුදු අටේ දැරිය කෙලෙසලා !

Must read

girls-abuseවයස අවුරුදු අටක දැරියක් දූෂණය කළ බව කියන එම දැරියගේ මවගේ අනියම් සැමියෙකු බව කියන පාහරයෙකු ඇතුඵ මිනිස් වෙස් ගත් තිරිසනුන් තිදෙනෙකු කටුපොත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගනේ, මොරගනේ ලිපිනයෙහි පංදිචි පර්සි රංජන් නිශාන්ත පීරිස් (49 ) සහ එම ප‍්‍රදේශයේම පදිංචි නිහාල් (32) සහ සුසන්ත (21) නැමැති තිරිසනුන් තිදෙනෙකි.

කටුපොත ප‍්‍රදේශයේ පොල්වත්තක වාසය කර ඇති මෙම දැරියගේ පියා මීට කලකට පෙර වෙනත් විවාහයක් කරගෙන පවුල හැර ගොස් ඇති අතර ඉන් පසුව දැරියගේ මව පර්සි රංජන් නිශාන්ත පීරිස් නැමැති පළමු සැකකරු සමග අඹුසැමියන් ලෙස ජීවත් වී තිබේ. පසුව මෙම පිරිස මොරගනේ ප‍්‍රදේශයේ ගල්වළක වාඩියක පදිංචියට පැමිණ ඇති අතර, එහිදී පළමු සැකකරුට දාව දැරියගේ මව විසින් තවත් ගැහැණු දරුවෙකු බිහිකර තිබේ. සුවකළ නොහැකි තරමේ දැඩි රුදාවකින් පෙළෙමින් සිටිය හැකි බවට සැකකළ දැරියගේ මව බව කියන තැනැත්තිය , හයක් හතරක් නොතේරෙන මෙම දැරිවියන් දෙදෙනා පළමු සැකකරු ළග දමා තවත් පුද්ගලයෙකු සමග ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

කිසිවෙකුගේ හව්හරණක් නැති අනාරක්ෂිත තත්වයට පත් වූ දැරියන්ගෙන් වැඩිමහල් දැරිය පළමු සැකකරු විසින් කිහිප අවස්ථාවකදීම දූෂණය කර ඇති අතර, ගල්වළෙහි සේවය සදහා පැමිණි ඔහුගේ ගජමිතුරන් වන අනෙක් සැකකාර නරුමයින් දෙදෙනාටද දැරිවිය කෙලෙසීම සදහා අවස්ථාව ලබා දී තිබේ.

ඉකුත් 19 වැනිදා පළමු සැකකාර නරුමයා විසින් මෙම දැරියගේ අතට රුපියල් 70 ක් ලබා දී කිරිඅම්මාගේ නිවසට යන ලෙස පවසා ඇයව මෙම මහමග දමා ගොස් ඇති බවත්, දැරිය හිත්තරපොළ මාවීඇළ ප‍්‍රදේශයේ පිහිටි සිය කිරිඅම්මාගේ නිවසට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. ඒ වන විට ඇගේ කිරිඅම්මා නිවසෙහි නොසිට ඇති අතර, දැරිය එම නිවසෙහි තනිව සිටිනු දුටු ප‍්‍රදේශවාසීන් විසින් ඇයගෙන් කළ විමසීම්වලදී හෙළිකරගත් තොරතුරු අනුව දැරිය පිළිබදව කටුපොත පොලිසිය වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව දැරිය සිය භාරයට ගත් කටුපොත පොලිසියේ නිලධාරීන් විසින් ඇයගෙන් ලබාගත් ප‍්‍රකාශයකට අනුව දැරිය කෙලෙසූ බව කියන නරුමයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් මත පරිවාස භාරයට යොමුකරනු ලැබ තිබේ. කටුපොත පොලිසියේ ස්ථානාධිපති, ආර්.එම්. එස්. ඒ. පද්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙයි.

හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article