Saturday, May 18, 2024

සනත් නිශාන්ත ඉල්ලන් කයි. ජයවික්‍රම පෙරේරා ලණුවක් කයි!.

Must read

58021 - Copy
 ඇප ලැබුණු සනත් නිශාන්ත දවස් තුනක් ඇතුළේ !

වයඹ පළාත නියෝජනය කරන මැති ඇමැතිවරුන් අතරින් පසුගිය සතියේදී වැඩිපුරම කියැවුණු නමක් වූයේ නම් ඒ නිසැකවම පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරාගේ නමය. නඩු විභාගයක් සදහා නියමිත දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අධිකරණය මගහැරීමේ චෝදනාව මත මන්ත‍්‍රී සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීම ඊට හේතු විය. මුඵ රටේම දෙනෙත් හලාවත දෙසට හරවමින් පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ මෙම නියෝගය ලබා දී තිබුණේ හලාවත මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා විසිනි. එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු මන්ත‍්‍රී සනත් නිශාන්තට ඊට පසු දිනයේදී ඇප ලැබුණු බව වාර්තා වූ නමුත් ඇප අත්සන් කරගැනීමට නොහැකිවීම නිසා තවත් අමතර දින තුනක් බන්ධනාගාරයේ සිරවී සිටින්නට මන්ත‍්‍රී සනත්ට සිදු වූ බව දන්නේ ටික දෙනකි. ඒ ටික දෙනෙක් දන්නා කතාව වැඩිදෙනෙකුගේ දැනගැනීම පිණිස අද ‘අඵ යට ගිනි’ ඔස්සේ මෙලෙස දිගහැරෙයි.

සනත් නිශාන්තට මෙලෙස බන්ධනාගාර සිර මැදිරියක හැඩරුව බලාගන්නට සිදුවූයේ අද ඊයෙක සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් නොව මීට වසර 15කට පෙර ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙනි. 1999 දෙසැම්බර් මස 20 වැනි දින පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානය අසල රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුඵ නිලධාරීන් කිහිපදෙනෙකුට තුවාල වන අයුරින් අත්බෝම්බයකින් පහරදුන් බවට චෝදනාවක් සනත් නිශාන්තට එරෙහිව එල්ල වී තිබිණි. වසර ගණනාවක් තිස්සේ යටපත් වී තිබුණු මෙම සිද්ධිය ආණ්ඩු මාරුව හේතුවෙන්දෝ යළිත් අඵත් වී තිබිණි. එලෙස අඵත් වූ නඩුව හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පසුගිය සතියේ දිනක අඩගැසුණු නමුත් කුමන හෝ හේතුවක් මත සනත් නිශාන්ත එදින අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඊට දින කිහිපයකට පසුව එළැඹුණු පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේදී මන්ත‍්‍රී සනත් නිශාන්ත ඔහුගේ නීතිඥයින් වන නිතිඥ රුවන් ප‍්‍රනාන්දු සහ නිතිඥ තරංග දිසානායක සමග හලාවත අධිකරණයට ආවේ අදාළ නඩුව පිළිබදව මෝසමක් ඉදිරිපත් කිරීමටය. එහිදී මෝසම සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා මන්ත‍්‍රී සනත් නිශාන්ත නියමිත දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම පිළිබදව අවධානයට ලක්කරමින් ඔහුව ඊට පසුදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. ඒ අනුව එක් රැයක් මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තබනු ලැබූ මන්ත‍්‍රී සනත් නිශාන්ත ඊට පසු දිනයේදී එනම් පසුගිය සිකුරාදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී දැඩි ඇප කොන්දේසි මත මන්ත‍්‍රීවරයා මුදාහැරීමට හලාවත මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව මන්ත‍්‍රී සනත් නිශාන්තට රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වන ශරීර ඇප දෙකක් නියම කෙරුණු අතර පුද්ගල ඇප සදහා ඉදිරිපත් වන අය හලාවත අධිකරණ බලප‍්‍රදේශයේ ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය සහිත වත්කම් ඇති පුද්ගලයින් විය යුතු බවත්, අදාළ වත්කම් ග‍්‍රාම නිලධාරිවරයා සහ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කර තිබිය යුතු බවටත් සනත් නිශාන්තට නියම කෙරුණු ඇප කොන්දේසි අතර විය. සනත් නිශාන්තගේ හිතවතුන් විසින් පැයක් යන්නටත් මත්තෙන් අදාළ සුදුසුකම් සපිරූ ඇපකරුවන් දෙදෙනෙකු අධිකරණය වෙත කැදවාගෙන ආ නමුත් සනත් නිශාන්තගේ වේලාව හොද නැතිකම ඊට වඩා බලවත් වී තිබීම නිසාදෝ ඒ වන විට අධිකරණ කටයුතු අවසන් වී තිබිණි. ඒ නිසා ඇපකරුවන් ඉදිරිපත් කරන්නට අපොහොසත් වූ සලකමින් මන්ත‍්‍රී සනත් යළිත් බන්ධනාගාරය කරා රැගෙන යන්නට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අතර තමන් වෙනුවෙන් ඇප අත්සන් කරන්නට අධිකරණ භූමියට පැමිණ සිටි හිතවතුන් බලාසිටියදීම මන්ත‍්‍රී සනත් බන්ධනාගාර බස් රථයට නැග්ගේය. ඉන් පසු එළැඹුණේ අධිකරණ කටයුතු සිදුනොවන සති අන්තය බැවින් මන්ත‍්‍රී සනත් නිශාන්තට පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකද ගෙවා දමන්නට සිදු වූයේද මීගමුව බන්ධනාගාරයේදීමය. පසුගිය සදුදා උදෑසනින්ම හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට ගිය සනත් නිශාන්තගේ හිතවතුන් ඔහු වෙනුවෙන් ඇපතැබීම් ආදිය සිදු කළ අතර සනත් නිශාන්තට බන්ධනාගාරයෙන් පිටතට එන්නට වාසනාව උදාවූයේ ඉන් අනතුරුවය. අධිකරණය මගහැරීමේ චෝදනාව වෙනුවෙන් දිනයක දඩුවමක් නියම වූ මන්ත‍්‍රී සනත් නිශාන්තට සිව්දිනක් පුරාවට රිමාන්ඞ් බන්ධනාගාරයේ සැලකුම් ලබන්නට සිදු වූයේ එලෙසිණි.

සනත් නිශාන්තගේ තනි නොතනියට ගෝලයෙකුත් ඇතුළට.

පසුගිය බ‍්‍රහස්පතින්දා සනත් නිශාන්ත එලෙස රක්ෂිත බන්ධනාගාර ගතවෙද්දී සනත් නිශාන්තගේ සහය පිණිස අධිකරණයට පැමිණි සිටි ඔහුගේ ආධාරකරුවෙකුටද නොසිතූ අයුරින් රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදු විය. ඉගිනිමියට ප‍්‍රදේශයේ පදිංචි අමිල නැමැති මෙම පුද්ගලයා මන්ත‍්‍රී සනත් නිශාන්තගේ කලාපීය සංවිධායකවරයෙක් ලෙසද කටයුතු කරමින් සිටින අයෙකි. සනත් නිශාන්ත සමග පසුගිය බ‍්‍රහස්පතින්දා අධිකරණයට පැමිණ සිටි අමිල අධිකරණ කටයුතු සිදුවෙන අතරරේදී තමා වාඩි වී සිටි බංකුවෙහිම පුවත්පතක් දිගහැරගෙන කියවන්නට විය. තමන් ඉදිරියේ පුවත්පතක් බලමින් සිටිනු අයෙක් මුලසුනේ සිටි මහේස්ත‍්‍රාත්වරයාගේ ඇසගැටුණු අතර එසැණින්ම මහේස්ත‍්‍රාත් නියමයෙන් අමිල විත්තිකූඩුවට නැංවිණි. අධිකරණ ශාලාවේදී පුවත්පතක් බැලීමෙන් අධිකරණයට අපහාසයක් කළේ යැයි අමිලට චෝදනා නැගුණු අතර එහිදී වරද පිළිගත් අමිලව මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කෙරිණි. ඒ අනුව සනත් නිශාන්තට සහය පළකරන්නට ආ අමිලටත් අන්තිමේදී සනත් නිශාන්තද සමගින් එකම බස් රථයක නැගී බන්ධනාගාරය වෙත යන්නට සිදු විය.

ජයවික‍්‍රම පෙරේරා ඊසි කෑස් ගැටයකට හසුවෙයි !

මීට සති කිහිපයකට පෙර ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරාගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබිණි. ” මම මේ අහවල් පිරිවෙනේ ඥාණකීර්ති හාමුදුරුවෝ කතා කරන්නේ ”. කුරුණෑගල , නුවර පාරේ පිහිටි පිරිවෙන් විහාරස්ථානයක නමද සදහන් කරමින් එම ඇමැතුමෙන් කියැවිණි. ඇමැති ජයවික‍්‍රමද භික්ෂූන් වහන්සේ කෙනෙකුට දක්වන ගරු සරු ඇතිවම ඇමැතුමට පිළිතුරු දුන්නේය. ‘‘එහෙයි , අපේ හාමුදුරුවනේ, මොකක්ද ඔබ වහන්සේට කෙරෙන්න ඕනෑ.” ඇමැති ජයවික‍්‍රම ඇසීය. ” ඔබතුමා ඉතිං කවදත් ආගම දහමට ලැදි බව අපි හොදාකාරවම දන්නවනේ. මේ දවස්වල පන්සලේ අඵතින් වැඩකටයුතු ටිකක් කෙරීගෙන යනවා. ඒකට හදිසියේ මුදල් ටිකක් මදි වුණා. ඒකයි මම ඔබතුමාට කතා කළේ ”භික්ෂු හඩින් කතා කළ අනික් පැත්තෙන් පිළිතුරු ලැබිණි. ”බොහොම හොදයි හාමුදුරුවනේ. නමුත් මේ හදිස්සියේ මුදල් වෙන්කිරීම තමයි මට තියෙන ප‍්‍රශ්නේ. අනික පන්සල් මගේ අමාත්‍යංශය යටතට වැටෙනේනෙත් නැහැනේ. ”ඇමැති ජයවික‍්‍රම කීය. ”අනේ එච්චර ලොකු උදව්වක් උවමනා නැහැ ඇමැතිතුමා, මේ රුපියල් පන්දාහක් වගේ තමයි හදිසියේ උවමනා කරලා තියෙන්නේ. ” හික්ෂු හඩ යළි කතා කළේය. ” ආ. එහෙම නම් මම ඒ මුදල මගේ අතින් දෙන්නම්. මම හෙට උදේට කවුරුහරි අතේ මුදල් පිරිවෙනට එවන්නද හාමුදුරුවනේ ?. ” ජයවික‍්‍රම ඇසීය. ” ඔබතුමා ඔහේ ඉදන් කුරුණෑගල එන්න කරදර වෙන්න ඕනෑ නෑ. දැන් ඔය ක‍්‍රමයක් තියෙනවානේ ටෙලිෆෝන් එකට සල්ලි එවන්න පුඵවන් ක‍්‍රමයක්. ඔබතුමා මං මේ කතා කරන නොම්මරේට සල්ලි ටික එවන්න. මම ඒක අරගන්නම්.” හික්ෂු හඩින් පිළිතුරු ලැබිණි. ”හොදමයි අපේ හාමුදුරුවනේ. මම දැන්ම ඔබ වහන්සේගේ නොම්බරේට සල්ලි එවන්නම්. ඒක අරගෙන පිරිවෙනේ වැඩ ටික කරගන්න.” යැයි කියමින් ඇමැතුම අවසන් කළ ජයවික‍්‍රම සිය ලේකම්වරයෙකුට කියා සිය දුරකථනයෙන්ම රුපියල් පන්දහසක් ඊසි කෑෂ් ක‍්‍රමය මගින් අදාළ ජංගම දුරකථන අංකය වෙත යැවීමට කටයුතු කළේය. සද්භාවයෙන්ම මුදල් යැවූ නමුත් අදාළ කට හඬේ තිබූ සැකසහිත ස්වභාවය මෙන්ම තමන් දන්නා කියනා ඥාණකීර්ති නම් භික්ෂූන් වහන්සේ නමක් පිළිබදව මතකයේ නොතිබීම නිසාත් පොලිස් හදිසි ඇමැතුම් අංකයට ඇමැතූ ඇමැති ජයවික‍්‍රම අදාළ දුරකථන අංකය පිළිබදව වැඩිදුර සොයාබලන්නැයි දැනුම් දුන්නේය. ඒ සිදුවීම එලෙස නිමා වූ අතර යළිත් ඒ පිළිබද මතකය අඵත් වූයේ පසුගිය සතියේදීය. ඒ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඇමැති ජයවික‍්‍රමට ඇමැතුම ලබාදුන් ජංගම දුරකථන අංකයේ අනන්‍යතාවය හෙළිකරගැනීම නිසාය. ඊටත් අමතරව පොලිසිය විසින් එම අංකයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබිණි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඇමැති ජයවික‍්‍රමට කතා කළ ආකාරයේ භික්ෂූන් වහන්සේ නමක් නොව වැල්ලව, හදමාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වාහන සහ ඉඩම් විකිණීමේ බ්‍රෝකර්වරයෙකු වන මෙම පුද්ගලයා කලක් ඇමැති ජයවික‍්‍රම යටතේ සේවය කළ අයෙකු බවද පොලිසිය විසින් අනාවරණය ගත්තේය. ඥාණකීර්ති හාමුදුරුවෝ ලෙසින් පෙනී සිටිමින් ඇමැති ජයවික‍්‍රමට ඇමැතුමක් ලබා දී මුදල් ලබාගත්තේ තමන් බවද මෙම පුද්ගලයා විසින් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.

ආණ්ඩු පක්ෂය දෙකට බෙදෙයි.

පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවන්සිලය විසින් මෑතකදී ශ‍්‍රී ලංකාව පිළිබද සම්මත කළ යෝජනාවන්වලට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් විරෝධය පළකළහ. මෙම විරෝධය දැක්වීම එදින පළාත් සභා රැස්වීමට පෙර හදිසියේ සංවිධානය වූ කරගත් එකක් වූ අතර ඊට මුල් වී තිබුණේ ඞී. බී. හේරත්, සමන්ප‍්‍රිය හේරත්, අසංක නවරත්න ඇතුඵ ජාතික ආණ්ඩු සංකල්පයට විරෝධය දක්වන මන්ත‍්‍රීවරුන් පිරිසකි. ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක් පමණක් දැනුම්වත් වී සිටි මෙම විරෝධතාවය වෙනුවෙන් පිරිස සභාගැබට පිවිසියේ ෆයිල් කවර ලෙස සකස් කරගත් විරෝධතා පුවරු සිය ලිපිගොණු අස්සේ සගවා ගනිමිනි. කෙසේවෙතත් මහඇමැති ධර්මසිරි මෙවැනි විරෝධය දැක්වීමක් පිළිබදව හාංකවිසියක් හෝ නොදැන සිටි අතර ධර්මසිරි එදින උසෑසනින්ම කොතලාවල මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය විවෘත කිරීමට ගොස් සිටියේ ඇමැති සන්ධ්‍ය කුමාරද සමගිනි. සැලසුම් කරගත් ආකාරයටම මන්ත‍්‍රී ඞී. බී. හේරත් විසින් විසින් මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී ජීනීවා යෝජනාවලට එරෙහිව අදහස් දක්වන්නට වූ අතර ඞී. බී. කතාකරමින් සිටියදීම අසංක. සමන්ප‍්‍රිය ඇතුඵ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් එතෙක් සගවාගෙන තිබූ විරෝධතා පුවරු මන්ත‍්‍රීවරුන් වෙත බෙදා දුන්හ. විරෝධතා පුවරු ලැබුණු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු ඒවා ප‍්‍රදර්ශණය සභාවට කරමින් විරෝධය පළකරන්නට වූහ. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්වල සිටි ඇමැති ලක්ෂ්මන් වේඩරුව, නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක, මන්ත‍්‍රී පියුමාල් හේරත් මෙන්ම මන්ත‍්‍රී තාහිර්ද විරෝධතාවයට එක් නොවී සිය අසුන්වලම වාඩිවී සිටිනු පෙණිනි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරයෙක් විසින් පියුමාල්ටත් විරෝධතා පුවරුවක් දිගුකළ නමුත් ”බෑ, බෑ, ඕකේ මොනවා ලියලා තියෙනවාද දන්නේ නෑනේ. කිසිම දැනුම්දීමක් නැතුව කරන මේ විරෝධතාවලට අපි එකතුවෙන්නේ කොහාමද? කවුද දන්නේ මේවා කාගේ උවමනාවට කරන දේවල්ද කියලා ” යැයි කී පියුමාල් විරෝධතාවයට එක්වීම ප‍්‍රතික්ෂේප කළේය. කොතලාවල විද්‍යාලයේ උත්සවයට ගිය මහඇමැති ධර්මසිරි සභාවට ඇතුඵ වූයේ මේ විරෝධතාවය පැවැත්වෙන අතරතුරේදීය. සභාවේ විරෝධතාවය දෙස බලමින් ධර්මසිරිද සිය අසුනේ වාඩි වූ නමුත් සිය පුටුවේ සිටම විරෝධතා පුවරු කියවමින් සිටියා විනා ඊට එක්වන්නට ගියේ නැත. පළාත් සභාවේ තනතුරු හොබවන මන්ත‍්‍රීවරුන්ගෙන් උද්ඝෝෂණයට එක් වී සිටියේ පසුගිය සභා රැස්වීමේදී සභානායක ධූරයට පත් වූ චින්තක මායාදුන්නේ පමණි. ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ සභාවට ආවේ මේ සියඵ උද්ඝෝෂණ නිමා වී සභාව නිවී ගියාට පසුවය. විරෝධතාවයට එක් නොවූයේ ඇයිදැයි සභා රැස්වීමේ තේ විවේකය අවස්ථාවේදී මහඇමැති ධර්මසිරිගෙන් ඇසූ මාධ්‍යවේදියෙකුට ලැබී තිබුණේ ”ඒක මම දැනුවත්ව සංවිධානය කරපු දෙයක් නොවෙයි. ”යනුවෙන් වූ කෙටි පිළිතුරකි.
කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සැලකිය යුතු මන්ත‍්‍රීවරුන් පිරිසකගේ සහය නොලැබීම හේතුවෙන් පෙරේදා පළාත් සභාවේ පැවැති මේ හදිසි උද්ඝෝෂණය දියාරු වී ගිය බවක් පෙනිණි. අනෙක් අතට එම උද්ඝෝෂණය වයඹ ආණ්ඩු පක්ෂය තුළ පිල්බෙදීම් කොතරම් ඔඩුදුවා ඇතිදැයි සඵ පිළි උනා දමා රටට පෙන් වූ අවස්ථාවක්ද විය. කෙතරම් අභ්‍යන්තර ප‍්‍රශ්න පැවැති නමුත් මීට පෙර අවස්ථාවලදී සභාව තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක්ව දක්වන විරෝධතාවයන්වලදී සියඵ මන්ත‍්‍රීවරුන් ඒ වෙනුවෙන් නැගී සිට සහය පළ කළහ. ආසන්නතම උදාහරණය ලෙස දයාසිරි මහඇමැති පුටුවේ සිටියදී අගැමැති රනිල්ගේ ප‍්‍රකාශයකට එරෙහිව පළාත් සභාව තුළදී කළ විරෝධය දැක්වීමකට සියඵ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් එකතු වූහ. නමුත් පළාත් සභාව තුළ දැන් ඇති තිබෙන වාතාවරණය තුළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සියඵ දෙනා එක මතයකට ගොනු කිරීම ලාහට ගෙම්බන් එකතුකිරීමටත් වඩා අසීරු කරුණක් වී ඇති බව පෙනෙයි. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ජාතික ආණ්ඩු සංකල්පය සමග එක්ව කටයුතු කරන අතර තවත් පිරිසක් ජාතික ආණ්ඩු විරෝධී මතයක පිහිටා කටයුතු කරනු පෙනෙයි. එළිපිට නොපෙණුනා වුනත් මෛත‍්‍රී – මහින්ද බෙදිල්ලද ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර බරපලත ලෙස ඔඩුදුවා ඇති බවක්ද පෙනෙයි. මහඇමැති ධර්මසිරිම කියන හැටියට මහඇමැති නොදන්නා ක‍්‍රියාකාරකම් පවා දැන් දැන් ආණ්ඩුපක්ෂ කණ්ඩායම තුළ සිදුවෙමින් පවතින බවද පෙනී යයි. එබැවින් ආණ්ඩු පක්ෂයේ සාමූහික වගකීම පවා දැන් පවතින්නේ ප‍්‍රශ්නකාරී තැනක බව නම් නිසැකවම කිව හැකිය.

ශිරාණි ගැන පියුමාල්ගේ යෝජනාවට ධර්මසිරි හරස්වෙයි.

දේශපාලන සුනාමියකට හසු වූ වයඹ පළාත් සභාව දැන් දැන් ක‍්‍රියාකරමින් සිටින ආකාරය පිළිබද තවත් කදිම නිදසුනක් පසුගියදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් දැකගත හැකි විය. පසුගිය අගහරුවාදා පළාත් සභා රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි ධූරයෙහි පිහිටුවා ඇයට විශ‍්‍රාම යන්නට අවස්ථාව ලබාදීම පිළිබද ක‍්‍රියාවලියට වත්මන් ආණ්ඩුව වෙත අප‍්‍රසාදය පළකළ යුතු බවට වූ යෝජනාවක් සභාවේ විවාද කිරීමට පෙර සාකච්ඡා කර තීන්දුවක් ගැනීම සදහා උපදේශක කාරක සභාව වෙත යැවීමට එදින තීන්දු විය. යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ආන්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් විසිනි. පියුමාල් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ දින සියයේ ආණ්ඩුව පැවැති සමයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එක් දිනකට අගවිනිසුරු ධූරයෙහි පිහිටුවා ඇයට ගරු කටයුතු ලෙස විශ‍්‍රාම යන්නට අවස්ථාව ලබා දුන් වකවානුවේදිය. පියුමාල් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන සමයේ පළාත් සභාවේ සභාපති පුටුව හොබවමින් සිටියේ වත්මන් මහඇමැති ධර්මසිරි විසිනි. යෝජනාව ඉදිරිපත් කරන කාලයේ තිබූ දේශපාලන වටපිටාව අනුව එම යෝජනාව ගෙනඒම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් විරුද්ධත්වයක් නොපෑ අතර අදාළ යෝජනාව පිළිබද විවාදයේදී දින සියයේ ආණ්ඩුව හිතේ හැටියට පතුරුහැරීමේ බලාපොරොත්තුවෙන් යුතුව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් බොහෝදෙනෙකු කට මැදගෙන බලා සිටියහ. නමුත් වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කරන යෝජනාවලට අත්වන සුපුරුදු ඉරණම මෙම යෝජනාවටද අත් වූ අතර ඒ හේතුවෙන් අදාළ යෝජනාව මාස කිහිපයක් තිස්සේ න්‍යාය පත‍්‍රයේ රු‍දෙමින් තිබියදී ජාතික දේශපාලනය තුළ මෙන්ම පළාත් සභාවේ දේශපාලනය තුළද පෙරැළි රැසක් සිදු විය. හදිසි සහ අත්‍යාවශ්‍ය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ සිය යෝජනාව දිනෙන් දින කල්යනු දැකීම නිසාදෝ පියුමාල් විසින් එක් සභා රැස්වීමකදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහුගේ දකුණු අතෙහි සුදු පැහැති රෙදි පටියක් බැදගත් අතර කවදා හෝ මෙම යෝජනාව විවාදයට ගන්නා තුරු එම පටිය පැළදීමට එවකට සභාපති ධර්මසිරිගෙන් අවසරයද ඉල්ලා ගත්තේය. පියුමාල්ගේ යෝජනාව පසුගිය අගහරුවාදා පැවැති සභාවේදී විවාදයට ගැනීමට සභාකටයුතු කාරක සභාවේදී එකගත්වය පළකර තිබුණේ මෙවැනි පසුබිමක් තුළය. ඒ අනුව මන්ත‍්‍රී පියුමාල්ද එදින සභාවට ගියේ අදාළ යෝජනාව පිළිබද විවාද කිරීමේ පෙර සූදානම ඇතිවය. සභා රැස්වීම අතරතුරදී මහඇමැති ධර්මසිරි පියුමාල්ගේ අසුන ළගට ආවේය. ”අපි අර යෝජනාව උපදේශක කාරක සභාවට දාලා ඉමුද මන්ත‍්‍රීතුමා ? ” ධර්මසිරි පියුමාල්ගෙන් ඇසීය. ”ඔබතුමා කියනවා නම් මම එකග වෙන්නම්. නමුත් අපි මේ යෝජනාව විවාද කරමු. ” පියුමාල් කීය. පියුමාල්ට හිස වනා එකගත්වය පළ කළ ධර්මසිරි සිය අසුන වෙත ආපසු ගියේය. සභාපති ටිකිරි විසින් අදාළ යෝජනාවේ විවාද අවස්ථාව නිවේදනය කරද්දී නැගී සිටි ධර්මසිරි අදාළ යෝජනාව විවාද කිරීමට පෙර සාකච්ඡා කර තීන්දුවක් ගැනීම සදහා උපදේශක කාරක සභාව වෙත යැවීම සුදුසු බව කියා සිටියේය. ධර්මසිරි එසේ කියා හිදගනිද්දී ආණ්ඩු පක්ෂයේ මැදපෙළ අසුනක සිටි පියුමාල් නැගිට්ටේය. ”උපදේශක කාරක සභාවට දාලා හරි කමක් නෑ අපි මේ යෝජනාව සභාවේදී විවාද කරමු. මම මේ අතේ බැදගත්තු සුදු පටිය වැදගත් විදිහට ගලවලා දාන්නත් එපායැයි. කවුරු කළත් වරද වරදමයි. ඒ නිසා දේශපාලන කාරණාවක් කරගන්නේ නැතිව අපි මේක විවාදයට ගමු. ඒ වගේම මගේ යෝජනාව උපදේශක කාරක සභාව වෙත යොමු කිරීම ගැන මම මහඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ” යැයි කියමින් පියුමාල් සිය කතාව නිමකළේ මහඇමැති ධර්මසිරි වෙත හීනියට හින්ට් එකකුත් ගහන අතරේදීය.

ධර්මසිරිගෙන් චින්තකට දොස්

සභා රැස්වීම පැවැත්වෙන අතරතුරේදී යම් කරුණක් සදහා ඇමැති සන්ධ්‍ය හමුවීමට ඇමැතිවරුන් සිටි ඉදිරිපෙළ මේසය වෙත ගිය සභානායක චින්තක මායාදුන්නේව මහඇමැති ධර්මසිරි විසින් අල්ලා ගත්තේය. ”මොනවද ඔයා මේ කරන වැඩ ? මොකටද අර උද්ඝෝෂණවලට නැගිටින්න ගියේ. සභාවේ තනතුරකුත් තියාගෙන ඔහොම වැඩ කරන්න යන්න එපා. ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න. ” ධර්මසිරිගෙන් චින්තක වෙත එල්ල වූයේ දෝස් මුරයකි. ”මම ඇල්ලූවේ රණවිරුවෝ ගැන බෝඩ් එකක්. ජනාධිපතිතුමා පවා කියන්නේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. අනික ඉතිං තනතුරක් ගත්තා කියලා ආණ්ඩු පක්ෂෙ අනිත් මිනිස්සු නැගිටිනකොට මටත් නිකම් ඉන්න බෑනේ. ” චින්තක කීය.

58021(4)

උපුටාගැනීම – මව්බිම පුවත්පත, ඔක්තෝම්බර් 22 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article