Friday, May 3, 2024

මාරවිලදී ලංගම බසයකට ගල් ප්‍රහාරයක්

Must read


කොළඹ  සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.

ඉකුත් 12 වෙනිදා රාත්‍රී 11.30 ට පමණ හලාවත – කොළඹ මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්‍රදේශයේදී මෙම ගල් මුල් ප්‍රහාරය එල්ල වී ඇත. ගල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් බස් රථයකි.

ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක සිටි දෙදෙනෙකු අතරින් එක් අයෙකු තමා පදවමින් සිටි බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව එහි රියදුරු ලෙස කටයුතු කළ අබ්දූල් රෆීන් තස්රීන් යන අය මාරවිල පොලීසියට කර ඇති පැමිණිල්ලක සදහන් වේ.ගල් ප්‍රහාරය හේතුවෙන් බස් රථයේ ඉදිරිපස වා මුවාවට හානි සිදුවී ඇති බව පොලීසිය කියයි.ගල් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද යන්න තමා නොදන්නා බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

ගල් ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.

බස් රථයට ගල් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

මේ අතර, පුත්තලම – කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවය කරන  කොන්දොස්තරවරයෙකුට 12 වෙනිදා දහවල් මීගමුව – තෙල්වත්ත ප්‍රදේශයේදී පහර දීමක් සිදු කර ඇත.හලාවත – මීගමුව අතර ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු මෙම පහර දීම සිදු කර ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article