Friday, May 3, 2024

මැටිකර්මාන්තයට වර්ෂාවෙන් සිදුවන පාඩු වලට වගකිවයුත්තේ කවුද ?

Must read

DSC00984

අයහපත් කාලගුණය හේතුවෙන් මැටි කර්මාන්තයක් වැනි කර්මාන්තයක් බිදවැටීම මහත් අපරාධයක් වන්නේ  එවැනි දේ වලක්වා ගැනීමට රජය විසින් මෙම කර්මාන්තකරුවන් වෙත  නව තාක්ෂණ සහිත පහසුකම් හඳුන්වා නොදීම හේතුවෙනි. ඒ සඳහා සහනාධාර,ණය පහසුකම් ලබානොදීම හේතුවෙනි.  එසේ නොමැති නම්  මැටි නිශ්පාදනය වැනි ක්ෂේත්‍රයකදී වර්ෂාව හේතුවෙන්  ලැබීමට නියමිත පාඩුව අවම කර ගතහැකිය.  මේ තරම් වටිනා කර්මාන්තයක නිරත වන පුද්ගලයන් හෝ ඔවුන්ගේ කර්මාන්තයට රක්ෂන ක්‍රමයක් හදුන්වා දීමට දේශීය දේ අගයන රජයක්  මූලිකත්වය ගතයුතුය. වෙනත් රටවල මෙවැනි කර්මාන්ත වලට විශාල යටිතල පහසුකම් ලබාදෙමින් නවීකරණය කර ඇති අතර අපේ රටේ දිළිදු ආර්ථික පදනමක් ඇති පිරිස් වලට රජය එම පහසුකම් ලබාදෙන්නේ නම්  ඔවුන්ට ආකාරයට විශාල ලෙස පාඩුවක් ලබන්නට සිදුවන්නේ නැත. පහත පළවන්නේ මාධ්‍යෙව්දී ජූඩ් සමන්ත මහතා විසින්  පුලිච්චාකුලම ගම්මානයේ මැටිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් පිළිබද සිදුකරන ලද විමසා බැලීමකි.

පුලිච්චාකුලම ගම්මානයේ ජීවත් වනු ලබන්නේ පාරම්පරික මැටි කර්මාන්ත කරුවන්ය.මෙම ගම්මානයේ පවුල් 30 ක පමණ පුද්ගලයින් 300 කට වැඩි ප්‍රමාණයක් මැටි කර්මාන්තය තම ජීවන වෘත්තිය බවට පත් කර ගෙන ඇත.මැටි නිෂ්පාදන කරමින් ජීවිතකාව ගෙන යන මුන්දලම – පුලිච්චාකුලම ගම්මානයේ ජනතාව පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.

මෙම ගම්මානය තුළ මුළුතැන් ගෙට අවශ්‍ය මැටි භාණ්ඩ මෙන්ම විවිධ විසිතුරු නිෂ්පාදනයන්ද සිදු කරති.විශේෂයෙන්ම කළු වළං සහ ගෑස් වලං නිෂ්පාදනය කිරීමට ඔවුන් වැඩි ප්‍රසිද්ධියක් උසුලති.

මෙම ගම්මානයේ පවතින තත්ත්වය වරින් වර මාධ්‍ය තුළින් හෙලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය සහ විවිධ සංවිධාන එක්ව ඔවුන්ගේ කන්තය වැඩි දියුණු කිරීමට අවශ්‍ය සහාය ලබා දී ඇත.ඒ අනුව නවීන උපකරණ මෙන්ම තාක්ෂණික දැණුමද ඔවුන්ට ලබා දී ඇත.

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින ගණනාවක්ම පුලිච්චාකුලම ගම්මානය ජලයෙන් යටවී ගියේය.
මෙම තත්ත්වය නිසා ඔවුන් විසින් සිදු කර තිබූ නිෂ්පාදන රැසක් ජලයේ දිය වී ගොස් ඇත. එමෙන්ම නිෂ්පාදන කටයුතු සඳහා අසීරුවෙන් එකතු කරගෙන තිබූ මැටි කදු විශාල ප්‍රමාණයක් ජලයේ දියවී ගොස් ඇත.මේ දිනවල පවතින තත්ත්වය මත නැවත අමු ද්‍රව්‍ය සපයා ගැනීම සිදු කිරීම අසීරු කරුණක් බවද ඔවුන් කියා සිටී.DSC00989 DSC00979 - Copy DSC00983


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article