Sunday, May 5, 2024

මුන්නේශ්වරම් කෝවිලේ වාලම්පුරි දෙකක් අතුරුදහන් වෙයි

Must read

448770Valampuri No.856 SV closeup

      
මුන්නේශ්වරම සොහොන් කාලි කෝවිලේ තබා තිබු මිල  කළ නොහැකි වටිනාකමක් ඇති බව කියන වාලම්පුරි දෙකක්   17 දා  කෝවිලට රහසේ ඇතුළු වු දෙනෙකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලද බව හලාවත පොලිසිය කියයිග
 මෙම දේවාලයේ හිමිකාරිත්වය දරණ බව කියන හලාවත සිංහපුර පාරේ පදිංචි ජයසේකර ආරච්චිගේ නීලංකා ප්‍රේමණි : 40 -මහත්මිය විසින් පොලිසියට කර ඇති පැමිනිල්ලක් අනුව මෙම වාලම්පුරි දෙක වීදුරු පෙට්ටියක තැන්පත් කර දේවාලය තුළ තිබු බවත්  පසුගිය  17 දා  අළුයම 2 ට පමණ  රහසේ ඇතුළු  වු දෙදෙනෙකු එම වාලම්පුරි දෙක සොරා ගෙන යනු කෝවිලේ තිබු සිසිටිවි දර්ශණ අනුව පැහැදිලිවු බවත් කියයිග එහි වටිනාකම මිල කළ නොහැකි බවත් කියයි.
මෙම කෝවිලේ  හිමිකරු ඉකුත් මාර්තු මස හදිසියේ හෘදාබාධයක් වැළදි හදිසියේ මිය ගිය අතර පසුව කෝවිල වසා දමා තිබි මෙයට සතියකට පමණ කලින් මහජනතාවගේ වැදුම් පිදුම් කටයුතු පිණිස විවෘත කර තිබු බවත් කියයි.
මෙම  සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මේ දක්වා හෙළි වී නැතගහලාවත පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.
ඔගස්ටින් ප්‍රනාන්දු./ හලාවත
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article