Sunday, May 19, 2024

මුන්නේෂ්වරම ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍යය ඇරඹේ

Must read

01(10) 02(11)

හලාවත – මුන්නේෂ්වරම ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය 05 වැනිදා ආරම්භ විය.

කප් සිටුවීමෙන් ආරම්භ වූ මංගල්‍ය සමය ලබන මස 03 වැනිදා රාත්‍රීයේ පවත්වන මංගල උත්සවයෙන් නිමාවට පත් වේ.ගිණි පෑගීමේ උත්සවය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර,දිය කැපීම 01 වැනිදා දහවල් දැදුරුඔයේදී සිදු කිරීමට නියමිතව ඇත.

මෙවර මංගල්‍ය සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන බව මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ බාරකාර ප්‍රධාන පූජක එස්.පද්මනාභ කුරුක්කල් තුමන් සදහන් කරයි.

මංගල්‍ය ආරම්භ කරමින් පැවති කප සිටුවීමේ අවස්ථාවටද සැළකිය යුතු බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටියේය.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article