Tuesday, May 7, 2024

මුහුදු මාර්ගය හරහා ඉන්දියාවෙන් ගෙන්වන නීත්‍යණුකූල නොවන ද්‍රව්‍ය නිසා දැඩි සෞඛ්‍ය අවදානමක් ?

Must read

02

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ විවිධ දෑ නීත්‍යණුකූ නොවන ආකාරයෙන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය අවදානමක් ඇති වී තිබෙන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කරන්නීය.

කොරෝනා වෛසරස මේ වන විට ඉන්දියාවේ දැඩි ලෙස පැතිරී යාම නිසා මෙම අවදානම් තත්ත්වය ඉහළ ගොස් ඇති බවද ඇය සදහන් කරන්නීය.

ඉන්දීය ජාතිකයින් හෝ වෙනත් ජාවාරම්කරුවන් විසින් දකුණු ඉන්දියාවේ සිට බීඩි කොළ,කේරල ගංජා,මුහුදු කූඩැල්ලන් වැනි ද විශාල වශයෙන් මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ඒමට පටන් ගෙන ඇත.එමෙන්ම මෙරට සිට ඉන්දියාවට රත්‍රන් පැටවීමේ ජාවාරමක්ද කල්පිටිය කේන්ද්‍ර කරගෙන සිදු කරන බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගෙන ඇත.

මෙසේ ඉන්දියාවේ සිට නීති විරෝධී දෑ රැගෙන එන පුද්ගලයින් කව්රුන්ද, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කුමන ආකාරයේ පවතින්නේ යන්න නොදැන සිටීම මෙම අවදානම්  තත්ත්වය ඉහළ යාමට හේතුවක් වී ඇත.එවැනි අවස්ථා අවලදී පුද්ගලයින් කීප දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට පත් වී ඇත.නමුත් තවත් පිරිසක් ආරක්ෂක අංශ වලට හසු නොවී සමාජ ගත වීමේ අවදානමක් ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය සදහන් කරන්නීය.

ඉන්දියාවේ සිට නීත්‍යාණුකූල නොවන ආකාරයට හොර බඩු මෙරටට ගෙන්වීමේ ප්‍රධාන ස්ථනයක් ලෙස මේ වන විට කල්පිටිය ප්‍රදේශය පත්වී  ඇත.

ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් කන්දකුලිය ප්‍රදේශයේ කැලෑවක සගවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 950 ක් පසුගිය 30 වැනිදා යුධ හමුදා බුද්ධි අංශය විසින් සොයා ගෙන කල්පිටිය පොලීසියට බාර දී ඇත.එම බීඩි කොළ තොගය පොලිතින් මළු 38 ක අසුරා තිබී ඇත.එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇත.

පසුගිය 22 වැනිදා රාත්‍රීයේ කල්පිටිය – කන්දකුලිය,තුඩාව ප්‍රදේශයේදී  බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156 ක් සමග සැකකරුවන් 08 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 04 දෙනෙකු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර,සෙසු සැකකරුවන් කල්පිටියේ පදිංචිකරුවන්ය.

පසුගිය 13 වැනිදා මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 829 ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටින විට සැකකරුවන් තිදෙනෙකුද සමග පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.කල්පිටිය – කන්දකුලිය ප්‍රදේශයේදී එම වැටලීම සිදු කර තිබුණි.

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව නීරෝධායනය කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.ඒ අනුව දඩ මුදල් වලට අමතරව ඔවුන් නීරෝධායනය වීමද සිදු විය යුතුය.

නමුත් ආරක්ෂක අංශ වලට හසු නොවන ජාවාරම්කරුවන් නිසා එම ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වයේ අවදානමක් ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරිය සදහන් කරන්නීය.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article