Sunday, May 19, 2024

නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පොහොට්ටු අපේක්ෂකයෙක්ගෙන් තර්ජනයක්

Must read

SlpjpLogo(10.55am)මැතිවරණ නිති රිති උල්ලංඝනය කරමින් නවගත්තේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයන්හි රථ පෙළපාලියක නිරතව සිටිය දි නිතිය ක්‍රියාත්මක් කිරිමට ගිය නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ ශ්‍රී ලංකා පොදු ජන පක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයා සම්බන්ධයෙන් පරික්ෂනයක් ආරම්භ කළ බවඋසස් පොලිස් නිලධාරියෙකු කීය. මෙම අපේක්ෂකයා ඊයේ ( 2දා ) රථවාහන හතරක මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් තමාගේ නම අංකය හා පක්ෂයේ නම දක්වමින් ස්ටිකර් අලවා ගෙන වාහන නවගත්තේගම ප්‍රදේශය පුරා පෙළපාලියකින් සංචාරය කරමින් සිට ඇත. පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් වරයා විසින් සිදු කළ දැනුම් දීමක් අනුව මෙම වාහන පෙලපාලිය නතර කළ නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසට එම වාහන පෙළපාලියේ ගමන් කළ පොහොට්ටු අපේක්ෂකයා තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වදිමින් මහා මැතිවරණය අවසන්වීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන ලෙසින් ස්ථාන මාරුවක් ලබා දෙන බවට තර්ජනය කර තිබුණි. පසුව ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සිය දින සටහන් පොතේ සදහන් කරමින් සිය උසස් නිලධාරින්ට දන්වා ඇති බවත් කියයි. මෙම පැමිණිල්ල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු කීය.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article