Monday, May 6, 2024

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව මෙවර සයිබ වේදිකාවේ

Must read

Sugathadasa Indoor Stadium JW Convention(1)

සැබෑ සතුට, ප්‍රීතිය අද ලෝකයේ වචනෙකට සීමා වුණු දෙයක් වෙලා. ඒක හොයාගන්න එක හරිම අමාරු දෙයක්. ඒ නිසා 2020 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 240ක් පුරා පවත්වන “නිරතුරුවම ප්‍රීති වෙන්න” යන තේමාවෙන් යුත් සමුළුව කොතරම් කාලෝචිතද!

සාමාන්‍යයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම වසරකම ඔවුන්ගේ සමුළු පවත්වන්නේ විශාල ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ ශාලා, උත්සව ශාලා වගේ පහසුවෙන් ජනයාට රැස්වෙන්න පුළුවන් ස්ථානවල. නමුත් මෙවර ඔවුන් පුලපුලා බලා සිටින සමුළුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පවත්වන්නේ අන්තර් ජාලය ඔස්සේයි.

ශ්‍රී ලංකාවේද 2020 වසරේ අගෝස්තු, සැප්තැම්බර් හා දෙසැම්බර් මාසවලදී සුගතදාස ක්‍රීඩාංගණය, බත්තරමුල්ල වෝටර්ස් එජ් සහ යාපනයේ සමුද්‍රා ශාලාව වැනි ස්ථාන කිහිපයක සමුළුව පවත්වන්න කටයුතු සැලසුම් කර තිබුණා. එයට 12,900කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙයි කියාත් බලාපොරොත්තු වුණා. නමුත් කොරෝනා වසංගත තත්වයත් සමඟ අප්‍රියෙල් මාසයේදීම එම සමුළු අවලංගු කිරීමට පියවර ගෙන තියෙනවා.

ඉතිහාසයේ කවදාවත් නොගත් එවැනි තීරණයක් ගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පෙලඹුණේ ඔවුන් ජීවිතය අනර්ඝ දෙයක් හැටියට සලකන නිසායි. ඒ වගේම ඔවුන් අසල්වැසියන්ට දක්වන ප්‍රේමය නිසායි. මේ ගැන ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන චන්දන පෙරේරා මහතා මෙසේ පැවසුවා. “සමුළුවට ගිහින් කට්ටිය මුණගැහෙන්න අපි හරිම ආසයි. ඒත් එහෙම කියලා වටිනා ජීවිත අවදානමකට හෙළන්න අපි කොහෙත්ම සතුටු නැහැ. පසුගිය මාස හතර පුරාම අපි නමස්කාර කටයුතු සඳහා එකතු වුණේ අන්තර් ජාලය ඔස්සෙයි. ඒකෙන් අපිට තේරුණේ ගතින් අපි දුරස් වුණත් එකමුතුව වැඩකටයුතු කරන්න පුළුවන් කියන දේයි. වෙන කවරදාටත් වඩා අපි එක පවුලක් වගේ එකඟතාවෙන් වැඩ කරනවා, අපේ බැඳීම වැඩි වෙලා කියන දේ පහුගිය මාස කිහිපය පුරාම අපිට දැනුණා.”

පවුල් ජීවිතය තුළ දිගටම ප්‍රීතිය පවත්වාගන්න පුළුවන් කොහොමද? ප්‍රශ්න ගැටලු මැද ප්‍රීතියෙන් ඉන්න පුළුවන් කොහොමද? සැබෑ ප්‍රීතිය සොයාගන්න හා ඒ ප්‍රීතිය දිගටම පවත්වාගන්න අපි මොනවද කරන්න ඕන වගේ වටිනා ප්‍රශ්නවලට පිළිතුරු මේ සමුළුව තුළ සාකච්ඡා කරනවා.Family Attending the International JW Convention 2018(1)

සමුළුව නැරඹීමට කැමැත්තක් දක්වන ඕනම කෙනෙක්ට www.jw.org වෙබ් අඩවිය ඔස්සේ පහසුවෙන්ම එය නරඹන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් තුනක් පුරා පවත්වන මෙම සමුළුවේ එක දවසකට උදෑසන හා දහවල් ලෙස සැසිවාර දෙකක් ඇතුළත් වෙනවා. මෙවර එම දවස් තුනටම අයිති සැසිවාර කොටස් 6ක් ලෙස වෙබ් අඩවියේ දක්වා තියෙනවා. මෙය සිංහල, දෙමළ ඇතුළු භාෂා සිය ගණනකින් නැරඹීමට අවස්ථාව තියෙන අතර ඒ සඳහා කිසිදු මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. දැනටමත් බොහෝදෙනෙක් සමුළුවේ පළමු කොටස ජූලි 11, 12 සති අන්තයේ නරඹා තියෙන අතර කොටස් හයේ අවසාන කොටස නරඹන්න අවස්ථාව ලැබෙන්නේ අගෝස්තු 29 හා 30 සති අන්තවලයි.

වැඩි විස්තර සඳහා දුරකථන මාර්ගයෙන් (0772385577) හෝ ඊමේල් මාර්ගයෙන් (PublicInformationDesk.Lk@jw.org) චන්දන පෙරේරා මහතාව අමතන්න. එසේත් නැත්නම් jw.org වෙබ් අඩවියට පිවිසෙන්න.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article