Sunday, May 19, 2024

” මුව ආවරණ තමන් විසින්ම විනාශ කිරීම අත්‍යඅවශ්‍යයි ”

Must read

whomaskකොරෝනා වසංගත තත්ත්ව ය හමුවේ  (6.32 pm) භාවිතයට ගන්නා සියළුම මුව ආවරණ තමුන් විසින්ම විනාශයට පත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

කොරෝනා රෝගය පාලනය කිරීම සදහා භාවිතයට ගන්නා මුව ආවරණ රෝග වාහකයෙකු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

මේ දිනවල පවතින තත්ත්වය හේතුවෙන් සියළුම දෙනා මුව ආවරණ පැළදීම ඉතාමත්ම සාධනීය තත්ත්වයක් වන නමුත් ඒ සදහා සුදුසුම මුව ආවරණයක් යොදා ගැනීම කළ යුතුව ඇතැයිද  ඔහුගේ අදහසයි. භාවිතයට ගන්නා සියළුම මුව ආවරණ පරිසරයට මුදා හැරීමක් කිසිදු විටක නොකළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටී. පරිසරයට හානියක් නොවන මුව ආවරණ ඒ සදහා යොදා ගැනීමෙන් සිදු විය හැකි හානිය අවම කර ගත හැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරයි.

එමෙන්ම භාවිතයට ගන්නා මුව ආවරණ කුමන හේතුවක් මත හෝ දෙවන හෝ දෙවන පාර්ශයවක් අතට පත් නොකර තමන් විසින්ම විනාශයට පත් කිරීම තුළින් කොරෝනා රෝගය පාලනය කිරීමට ජනතාවට විශාල සහායක් ලබා දිය හැකි බවද උපුල් රෝහණ මහතා සදහන් කරයි.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article