Monday, May 6, 2024

ජාතික අක්ෂි රෝහලේ විශේෂ සේවා විමසීම් කිරීමේ දුරකතන අංක

Must read


bcefe2daec5c990af16f04c29ad40c71_L
COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහල හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි. අක්ෂි සායන වලට පැමිණීමට හා ඖෂධ ලබා ගැනීම සදහා විමසීමට – 0112 693 911

අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට – 0113 618 678

COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා සදහා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය සදහන් කරයි. ජාතික අක්ෂි රෝහලේ අධක්ෂතුමිය මේ පිළිබදව කරුණු දැක්වීමක් කර ඇති අතර එය පහත පරිදි වේ.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පිහිටා ඇත්තේ කොවිඩ් 19 වෛරසය අධි අවධානම් කලාපයක් තුලය. මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම මෙම අවස්ථාවේ උපරිම තත්ත්වයෙන් පැවැතිය යුතු හෙයින් සමාජ දුරස්ථතාවය ආරක්ෂා කර ගනිම්න් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුල රදවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් 100 ක් පමණි. එම නිසා සාමාන්‍ය පරිදි සායන හා බාහිර රෝගී සේවා පවත්වාගෙන යාම අපහසු වන අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වන තුරු හදිසි අනතුරු සේවාව සහ හදිසි අක්ෂි ආබාධ සදහා රෝගී සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත. ජාතික අක්ෂි රෝහලේ පැය 24 පුරාම හදිසි ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වන අතර, අනෙකුත් ප්‍රධාන රෝහල්වල අක්ෂි ඒකකවල මෙම සේවාවන් ක්‍රියාත්මක වේ. ඔබට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සහ සායන සදහා පැමිණීම පිළිබද තොරතුරු දැනගැනීම සදහා 0112693911 අමතන ලෙසත්,

එමෙන්ම ජනතාවට අක්ෂි රෝගය සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා උපකාරක සේවා දුරකථන අංකයක් ලෙස ජාතික අක්ෂි රෝහල ඊයේ දින හදුන්වා දුන් 0113318678 දුරකථන අංකය වැරදි බවත්, නිවැරදි දුරකථන අංකය 0113 618678 බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මිය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article