Thursday, May 2, 2024

මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිය පිරිසක් හලාවතින් අල්ලයි

Must read

arrestedමුහුදු මගින් විදේශගත  වීමට සූදානම්ව සිටි උතුරු නැගෙනහිර පදිංචි දස දෙනෙක්  හලාවත ඉරණවිල  මුහුදු තීරණයේදී නාවික හමුදාව විසින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මුලතිව්, කිලිනොච්චි,මඩකලපුව ආදි ප්‍රදේශවල පදිංචිවරුන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය.
මෙම පිරිස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියා බලා යාමට සූදානම්ව සිට ඇතැයි මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව නාවික හමුදාව කියයි.

ඒම පිරිස වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිසියට බාරදීමට නියමිතව තිබුණි.

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යාම සදහා මේ ආකාරයෙන් මෑත කාලය තුල ගනු ලැබු පළමු උත්සාහය මෙය වි තිබේ.

මේ ගැන අදහස් දක්වන ඉරණවිල ප්‍රදේශයේ ධිවරයන් කියා සිටින්නේ උතුරු නැගනෙහිර අසරණ ජනයා රවටා මුදල්  ගැරිමේ ජාවාරමක් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක වන්නට ඇතැයි කියාය.,
මුහුදු සැරයි. මේ දවස්වල බෝට්ටු කාරයෝ රස්සාවට යන්නේත් නැ. අනික ඉන්දියාවෙන් එන අයව අල්ලන්න නේවි එක ලොකු අවදානයකින් ඉන්නේ කොරෝනා හැමැතැනම පැතිරෙද්දි මේ ජාවාරම්කාරයෝ සල්ලි හම්බකරන්න තවත් සෙල්ලමක් පටන් අරගෙන යැයි .අප කළ විමසුමකදි ඉරණවිල ධිවරයන් කිපදෙනෙකුම කියා සිටියේය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article