Friday, May 17, 2024

උතුරු නැගෙනහිර ජනයා ඕස්ට්‍රේලියාවට යවනවා කියා කරන්නේ මුදල් ගරාගන්නා ජාවාරමක්ද ?

Must read

boatනිති විරෝධි ලෙසින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලා යාමේ අරමුණින් හලාවත ඉරණවිල ප්‍රදේශයේ රැදි සිටිය දි අත් අඩංගුවට ගත් සංඛ්‍යාව ඊයේ ( 14 දා) උදේ වන විට 29 දක්වා ඉහල ගිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි.
ඉරණවිල ප්‍රදේශවාසින් ගෙන් ලද තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට පෙරේදා ( 13දා ) රාත්‍රි සිදු කළ සෝදිසි මෙහෙයුමක් දි 15 දෙනෙකු ඉරණවිල ප්‍රදේශයේ නිවාස කිහිපයක රැදි සිටිය දි අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිම් වල දි මෙම පිරිස නිති විරෝධි ලෙසින් මුහුදු මාර්ගයෙන් බහුදින ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යාමට සුදානමින් සිටිය බව හෙළිව තිබේ.  පසුව එම පිරිස හලාවත පොලිසිය වෙත බාර දි ඇති අතර අත් අඩංගුවට ගත් පිරිස විසින් ලබා දුන් තොරතුරු අනුව ඔවුන් සමග ඔස්ට්‍රේලියාවට යවාමය තවත් පිරිසක් පැමිණි බව හෙළි වු බැවින් ඔවුන් සොයා වැඩිදුර පරික්ෂණ ඊයේ ( 14 දා ) අදේ සිදු කළ බවත් එහිදි ඉරණවිල වෙල්යායේ සැගවි සිටි තවත් 14 දෙනෙකු සොයා ගත් අතර ඔවුන් ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව වැඩිදුර පරික්ෂණ සදහා හලාවත පොලිසියට බාර දි ඇත.
අත් අඩංගුවට ගත් පිරිස යාපනය මුලතිව් මඩකලපුව වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් තැරැව්කරුවකු මාර්ගයෙන් ධීවර යාත්‍රාවකින් මෙසේ ඔස්ට්‍රේලියාව බලා මුහුදු මගින් යාමට සූදානම්ව ඇත. පිරිස ගෙන යාමට එන බව කි යාත්‍රාව සොයා ගත නොහැකිවු අතර නාවික හමුදාව සහ හලාවත පොලිසිය තවදුරත් පරික්ෂණ සිදු කරති.

කෙසේ වෙතත් මේ දිනවල මුහුදේ පවතින වාරකන් තත්වය හේතුවෙන් සහ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සැබැවින්ම  මේ තැරව්කරුවන් උතුරු නැගෙනහිර අසරණ ජනයා මුලා කොට මුදල් ගසා කැමේ ජාවාරම නිරතව සිටින බව පැහැදිලි බවද ”වයඹ ටුඩේ” අමතා අදහස් පළකරන ලද ඉරණවිල ප්‍රදේශයේ ධිවර ක්‍රියාකාරින් පවසා සිටියහ.
එමෙන්ම ඉන්දියාවේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් ශ්‍රිලාංකාවට පැන එන ඉන්දිය ජාතිකයන් ගැන සෙවිල්ලෙන් නාවික හමුදාව කටයුුතු කරමින් තිබෙන පසුබිමක මෙවනි නිති විරෝධි මුහුද ගමන් වලට කිසිසෙත්ම ඉඩක් නැති බවද පැවසේ .
ඒ අනුව මෙය ඉතා පැහැදිලිව උතුරු නැගෙනහිර දුප්පත් ජනයා ගසා කෑමට හලාවත අවට ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇති ජාවාරම් සැලැස්මක් විය හැකි බවද කියැවේ

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article