Wednesday, May 1, 2024

මේ වසරේ උසස් පෙළ සම්පූර්ණ ගුරු අත්පොත් පාසල් වෙත ලැබී නැතැයි සංවර්ධන සිමිති නඩු මගට

Must read

AL-Exam_850x460_acf_cropped-2

මෙම වසරේ අපොස උ.පෙල විභාගයට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ ජීවවිද්‍යා විෂයට අයත් සම්පූර්ණ ගුරු අත්පොත මේ වන තෙක් පාසල් වෙත නොලැබීම හේතුවෙන් පාසල් සංවර්ධන සමිති කිහිපයක් මේ සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාදිකරණයේ නඩු පැවරීමට සූධානමක් ඇති බව වාර්ථා වෙයි.

විභාගය සදහා තවත් ඇත්තේ මාස 5ක පමණ කාලයක් වන අතර ජීව විද්‍ය විෂය නිර්දේශය යටතේ දරුවන්ට ඉගැන්විය යුතු පාඩම් 10ක් පවතින අතර ඉන් මෙතෙක් ලැබී අැත්තේ පාසම් 7කට අදාල ගුරු අත්පොත් පමණි. එම අත්පොත්ද ලැබී ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වන අතර මේ හේතුවෙන් සිංහල භාෂාවෙන් විභාගයට මුහුණ දෙන සිසුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බවද පාසල් සංවර්ධන සමිති පෙනවා දෙයි.

මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම පාසල්මාර්ගයෙන් අදාල අංශ වෙත ඉල්ලුම් කලද මේ වන තෙක් කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් මේ ආකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට තීරණය කල බවයි පාසල් සංවර්ධන සමිති සදහන් කරන්නේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article