Saturday, May 4, 2024

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මාසයක් පුරා දියත් කරන විශේෂ වැඩසටහනක්!

Must read

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මාසයක් පුරා දියත් කරන විශේෂ වැඩසටහනක්! “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

English

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශේෂ මුරටැඹ සඟරාවක් ලොව පුරාම බෙදාහැරීමට වැඩසටහනක් දියත් කිරීම සඳහා කටයුතු සැලසුම් කර තිබෙනවා. 2020 නොවැම්බර් මාසයේදී මෙම විශේෂ සඟරාව රජයේ හා පෞද්ගලික ආයතනවල සේවය කරන අයට මෙන්ම හැකි සෑම කෙනෙකුටම ලබා දීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” යන තේමාවෙන් යුත් මෙම විශේෂ මුරටැඹ සඟරාව භාෂා 300කට වඩා වැඩි ගණනකින් කිසිදු මුදල් අය කිරීමකින් තොරව ලබා දෙනවා. මගේ නම ස්පෙන්සර් මැතිව්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ‍‍ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයේ ‍මාධ්‍ය ප්‍රකාශක ලෙස මම සේවය කරනවා.

ලොව පුරා ප්‍රචලිත ස්වාමීන්ගේ යාච්ඤාව එහෙමත් නැත්නම් පරමණ්ඩලයේ යාච්ඤාව කියමින් කොටි ගණනක් ජනයා “ඔබගේ රාජ්‍යය පැමිණේවා!” කියලා දෙවියන්ට යාච්ඤා කරනවා. (මතෙව් 6:9KJV) මෙය අවුරුදු දෙදහසකට පමණ පෙර යේසුස් විසින් තම ගෝලයන්ට කියා දුන් ආදර්ශ යාච්ඤාවක්. යේසුස් එහි සඳහන් කළ දේවරාජ්‍යය නැත්නම් දේවආණ්ඩුව ගැන, නොවැම්බර් මාසයේ බෙදාහරින මෙම විශේෂ මුරටැඹ සඟරාව තුළ බයිබල් පද ආධාරයෙන්ම හොඳින් පැහැදිලි කර තිබෙනවා.

දැනට පවතින කොවිඩ්-19 වසංගතය නිසා සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව රටේ පවතින නීති රෙගුලාසිවලට එකඟව මෙම වැඩසටහන දියත් කිරීමට සාක්ෂිකරුවන් වගබලා ගන්නවා. එම නිසා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් උපයෝගි කරගෙන පුද්ගලයන්ව සම්බන්ධ කරගනිමින් සඟරාව ලබා දීමටත් ඔවුන් කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙම විශේෂ සඟරාව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් දැනටමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවිය වන jw.orgහි පළ කර තිබෙනවා. https://www.jw.org/si යන ලින්ක් එක යෙ‍ාදාගනිමින් එහි පිටපතක් ඩවුන්ලෝඩ් කරගත හැකියි.

මෙම විශේෂ වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් කරන ප්‍රකාශය මේ සමඟ එවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීමට කැමති නම් (උදා: සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම් හෝ ‍ ෆො‍ටෝ/පින්තූරු) මා හට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ වන විට ලොව පුරා රටවල් 240ක ලක්ෂ 86කට වඩා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා යුහුසුලුව බයිබල් අධ්‍යාපනය අන් අයට ලබා දෙනවා. මෙම ක්‍රිස්තියානි ආගමේ විවිධ සංස්කෘතික පසුබිම්වලට සහ විවිධ ජාතීන්වලට අයිති අය සිටිනවා. ශ්‍රී ලංකාවේද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 7,048දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.jw.org/si මගින් භාෂා 1,020කට වඩා වැඩි ගණනකින් තොරතුරු ලබාගැනීමට පුළුවන්


ස්පෙන්සර් මැතිව් /‍මාධ්‍ය ප්‍රකාශක

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article