Sunday, May 19, 2024

රටටම බෙදන්න ගෙන්වූ කේරළ ගංජා වයඹ වෙරළේ හිරවෙයි. (ඡායාරූප)

Must read

දකුණු  ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට ගෙන්වාගැනීමෙන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙනයමින් තිබූ බව කියන රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු කේරල ගංජා තොගයක් සමග , ඒවා ප්‍රවාහනයේ යෙදුණු  සැකකරුවන් තිදෙනකු සහ කැබ් රථයක්ද අද (07 දා ) අළුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමකදී කල්පිටිය තුඩාව වෙරළේදී අත්අඩංගුවට  ගනු ලැබූහ.

පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබී තිබූ තොරතුරකට අනුව උපාය දූතයින් යොදවා කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මුහුදු වෙරළේ සිට ගොඩබිමට රැගෙන එමින් තිබූ මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් ගංජා තොගයෙහි විවිධ ප්‍රමාණයෙන් යුත් පාර්සල් 41 තිබී ඇති අතර සමස්ත ගංජා තොගයේ බර මෙහි කිලෝ සියයකට ආසන්න බව  පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.සැකකරුවන් කේරල ගංජා කිලෝවක් රුපියල් 85000 ක මුදලකට අලෙවි කිරීමට සුදානමින් සිටි බව මූලික විමර්ශණයන්වලදී හෙළි වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී රංජිත් පෙරේරා මහාතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරි රත්තනපිටිය සහ සහකාර පොලිස් අධිකාරි වාස් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් , පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිලධාරි, පොලිස් පරීක්ෂක සංජීව ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන ඇතුළු නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් ගංජා තොගය , සැකරුවන් සහ වාහනය ඉදිරි විමර්ශණ සදහා කල්පිටිය පොලීසියට භාරදීමට නියමිතව තිබේ.

 පුත්තලම නලින් හෙන්දුරුගොඩ ganja_2ganja_1ganja_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article