Sunday, May 19, 2024

වැලේ වැල් නැතිව සිටි ශාන්ත බණ්ඩාරට එල්ලෙන්න වැලක් ලැබිලා.

Must read

shantha_bandara

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාට ‘ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක’ යනුවෙන් වූ නව තනතුරක් ලැබී ඇති බව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

පසුගිය අගෝස්තු මාසයේදී පැවැති මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ශාන්ත බණ්ඩාර මහතාට සන්ධාන මනාප ලැයිස්තුවේ හිමි වූයේ 09 වැනි ස්ථානයයි.

මහින්දවාදියෙකු ලෙස කලක් තිස්සේ පෙනී සිටි ශාන්ත බණ්ඩාර මහතා , මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් ලබාගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටීම පිළිබදව සන්ධාන පාක්ෂිකයින්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මහතාගේ පරාජයට හේතු වූ බව බොහෝ දෙනෙකුගේ අදහස වෙයි.

පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කළේ නම් මනාප ලැයිස්තුව අනුව ශාන්ත බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබීමට තිබිණි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමත් සමග ශාන්ත බණ්ඩාර මහතාට එම බලාපොරොත්තුවද අත්හැර ගැනීමට සිදු විය.

මැතිවරණ පරාජයෙන් පසුව පසුගිය කාලයේදී දේශපාලනය තුළ වැඩිපුර දැක ගත නොහැකි වූ ශාන්ත බණ්ඩාර මහතාට මේ වන විට ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක යනුවෙන් නව තනතුරක් ලැබී ඇති බව වාර්තා වන නමුත් එම තනතුරට පැවරෙන කාර්යය හා වගකීම් මොනවාදැයි නිශ්චිත වශයෙන් තීරණය වී නොමැති බවද අප වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article