Sunday, May 5, 2024

විභාග මධ්‍යස්ථාන වල දී අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව දුටුවේ නෑ – පියසිරි ප්‍රනාන්දු ,ලංකා විදුහල්පති සංගමයේ සභාපති

Must read

Piyasiri Fernando

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වයට වඩා අවධානයක් යොමු කළ යුතුව ඇතැයි  ලංකා විදුහල්පති සංගමයේ සභාපති පියසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

″අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම නියමිත කාලයට වඩා මාස කීපයක් ප්‍රමාද වුණා.මෙම තත්ත්වය නිසා විභාගයට පෙනී සිටීමට සුදානම් වූ දරුවන් දැඩි මානසික පීඩනයකට පත්වී සිටින්නේ.රටේ පවතින තත්ත්වය හමුවේ වුවත් විභාග පැවැත්වීට ගත් තීරණය යහපත් එකක්.

විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන වලට අතිරේක ශාලාධිපතිවරයෙකු පත් කර තිබෙනවා.ඒ මධ්‍යස්ථානය පැවැත්වෙන පාසලේ විදුහල්පතිවරයාවයි.නමුත් බොහෝ විදුහල්පතිවරුන් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වල හෝ විභාග ශාලා වල සේවාවන් සදහා පත් කර තිබෙනවා.මෙම තත්ත්වය යටතේ නියෝජ්‍ය විදුහල්පති හෝ වගකිව යුතු ගුරුවරයෙකු ඒ සදහා පත් කිරීමට කටයුතු කර තිබෙනවා.මේ බව පසුගිය සතියේ දන්වා සිටියේත් දුරකතන මාර්ගයෙන්.කුමන ආකාරයට හෝ මේ වන විට එම තත්ත්වය අද වන විට හදා ගෙනච තිබෙනවා.

නමුත් විභාග ශාලා වල දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් වෙන් කර ඇති බව කියන මුදල සම්බන්ධයෙන් අපට සෑහීමකට පත් වීමට පුළුවන් කමක් නෑ.මාසයක් පුරාවට තිබෙන විභාගයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සදහා වෙන් කර ඇත්තේ සුළු මුදලක්.

එමෙන්ම අප දුටුවා බොහෝ  විභාග මධ්‍යස්ථාන වල රාජකාරි කටයුතු සදහා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.නමුත්මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව අපි විභාග මධ්‍යස්ථාන වල දුටුවේ නෑ.මෙම තත්ත්වය විභාගයට ඉදිරිපත් වන දරුවන්ගේ මානසික තත්ත්වය බිද දැමීමට හේතුවක් වන්නට පුළුවන්.එම නිසා කඩිනමින් ක්‍රියාත්මක වී සෑම විභාග මධ්‍යස්ථානයක් සදහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීමට වගකිව යුතු අංශ කටයුතු කළ යුතු බවයි අපි විශ්වාස කරන්නේ.

අපි අමතක නොකළ යුතුයි දැනට නීරෝධායනය වෙමින් සිටින දරුවන්ද අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින බව.එම තත්ත්වය අනුව සෙසු දරුවන්ගේ සෞඛ්‍ය සහ මානසික තත්ත්වය පවත්වා ගෙන යාමට සියළුම දෙනා කටයුතු කළ යුතු බවයි අප සංගමයක් ලෙස විශ්වාස කරන්නේ.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article