Saturday, May 18, 2024

වීසා නොමැතිව ඉගැන්වු ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

Must read

indexවලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මාදම්පේ පැරනි නගරයේ ආරාබි පාසලක ගුරුවරයෙකුව සේවය කරමින් සිටි ඊජිප්තු ජාතික ගුරුවරයෙකුව  ඊයේ  ( 24දා ) දහවල් අත් අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 
මෙම දිනවල පවතින කලබලකාරි වාතාවරණය අනුව ප්‍රදේශය පුරා දියත් කර ඇති ආරක්ෂක විධි විධානයන් යටතේ ලද තොරතුරක් අනුව පොලාස් නිලධාරින්  මාදම්පේ පැරණි නගරයේ පවත්වා ගෙන යන මෙම පාසල කරා ගොස් සිදු කළ ප්‍රශ්ණ කිරිමේ වලින් පසු සැකකාර ඊජිප්තු ජාතිකයා එහි රැදි සිටි බවත් කියයි.
 පසුව ඔහු සතුව වලංගු වීසා බලපත්‍රයක් හෝ සැකකරු මෙරටට පැමිණිමට භාවිත කර ඇති ගුවන් ටිකට් පත හෝ ඔහු වෙත තිබි නැති අතර පසුව සිදු කළ ප්‍රශ්ණ කිරිම් වලින් පසු සැකකරු මෙයට වසර හතරකට කලින් මෙරටට පැමිණ මෙම පාසලේ අරාබි භාෂාව ඉගැන්වීමේ රාජකාරිවල නිරතව සිටි බවත් කියයි. සැකකරු අවුරුදු 44 කවන වයසේ පසුවන අයෙකු බවත් කියයි. 
මෙම අවස්තාවේ දි එම විදුහලේ ගාල් කර තිබු වාහනයක්ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර වාහනය සදහා අයිතිවාසිකම් ඉදිරිපත් කිරිමෙන් පසු මුදා හැරිමටත් නැතිනම් සැකකරු සමග වාහනය ද හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට ද පියවර ගෙන ඇති බවත් කියයි.
මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙසින් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article