Saturday, May 18, 2024

සංඥා කුළුණු වලින් ගැලවු බටරි තොගයක් අත්අඩංගුවට

Must read

(1.24pm)සැකකටයුතු ලෙසින් පල්ලම කම්මන්දළුව පදේශයේ ධාවනය වු වෑන් රථයක් නවතා පරික්ෂා කළ අවස්ථාවේ දි ඒ තුළ තිබි සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු බැටරි 13 ක් සොයා ගලත් අතර පසුව එම බැටරී හා වෑන් රථයත් එහි සිටි තිදෙනාවද පෙරේදා  ( 22 දා ) පස්වරු අත් අඩංගුව‍ට ගත් බව පල්ලම පොලිසිය කියයි.
පල්ලම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අප පොලිස් පරික්ෂක උපාලි අබේරත්න මහතා ප්‍රධාන නිලධාරින් පිරිසක් ප්‍රදේශයේ සංචාරක මුර සේවයේ  නිරත.ව කම්මන්දළුව ප්‍රදේශයේ ගමන් කරමින් සිටිය දි   මෙම වෑන් රථය දැක එය නවතා පරික්ෂා කර ඇත.
වෑන් රථය පරික්ෂා කිරිමේ දි ඒ තුළ මෙම බැටරි 13 තිබි හමුවු බවත් පසුව ප්‍රශ්ණ කිරිමේ දි එම බැටරි එක්තරා පුද්ගලයෙකු තමන්ට බාර දි වෙනත් අයෙකුට ගෙන ගොස් බාර දෙන ලෙසට දුන් බවත් වාහනයේ සිටි තිදෙනා පවසා ඇති බවත් කියයි. එම ප්‍රකාශයන් පිලි නොගත් පොලිසිය  පසුව වාහනය හා සැකකරුවන් පොලිසියට ගෙනැවිත් මෙම බැටරි ජංගම දචුරකතන සංඥා කුළුණු වලින් ගලවා ගත් ඒවා පව තහවුරු කර ගෙන ඇති බවත් කියයි.
පසුව දුරකතන සමාගම් වලට දැනුම් දුන් පසු බිංගිරිය වීරපොකුණ දුරකතන කුළුණක සවි කර තිබු බැටරි 15 න් 13 ක් කිසිවකු විසින් ගලවයා ගෙන ගොස් ඇති බව හෙළිවි ඇති බවත් පසුව එම සමාගමේ නියෝජිතයෙකු බැමිණ අත් අඩංගුවට ගෙන ඇති බැ‍ටරි තම සමාගමට අයත් ඒවා බව තහවුරු කර ඇත. 
රක් සැකකරුවෙකු පොලොන්නරුවේ පදිංචිකරුවෙකු වන අතර දෙදෙනෙකු කොටවෙහෙර පොලිස් වසමේ පදිංචිකරුවන් බවත් ඔවුන් වයස 32ත් 27 ත් අතර පසුවන අය බවත් කියයි.සැකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ආණමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජගත් කුමාර  signal towerමහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක  උපාලි අබේරත්න සැරයන්වරු වන රංජිත් 31759 කපුරු බන්ඩාර 54933 හා පුෂ්කුමාර 34048 කොස්තාපල්වරුන් වන සුමිත් 41487 සුරංග 74521 සමීර 79945 යන මහත්වරුන් මෙම අත් අඩංගුව‍ට ගැනීම සිදු කර තිබුණි.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article