Friday, May 3, 2024

වෙන්නප්පුවේ අඩුපාඩු වැසූ ‘විදුලි පහන් උඩුවියන’ කාගේ සිතුවිල්ලක්ද?

Must read


නත්තල් සමය ලබනවාත් සමගම වෙන්නප්පුව නගරය බබලවමින් විදුලි බලබ් වැල් දල්වා මසකටත් අධික කාලයක් සරසා තබන්නට කිසියම් පිරිසක් මුල පුරා තිබුණි. ඒ මගින් ලබාදී තිබූ අලංකාරය බැලු බැල්මට ඉතා මනරම් දර්ශනයක් ගෙනදුන් නමුත් මොලේ ඇති පුද්ගලයෙකුට එසැණින්ම මෙය කාලයට උචිත ක්‍රියාවක්දැයි යන පැනයද මතුවිය යුතුමය. එබැවින් මෙම විදුලි උඩුවියන් සැරසිල්ල පිළිබදව අප මදක් සොයා බැලුවෙමු. මේ සදහා වියදම් දරා ඇත්තේ වෙන්නප්පුව වෙළද සංගමය බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් ඒ සදහා එක් ව්‍යාපාරික ස්ථානයකින් රු 1000ක් සම්මාදමක් ලෙස රැගෙන ඇත. එමෙන්ම මෙම විදුලි උඩුවියන් සැරසිල්ල දැමීමේ යෝජනාව සිදුකර ඇත්තේ වෙන්නප්පුව ප්‍රා.සභාවේ සභාපති සුසන්ත පෙරේරා වන අතර එබැවින් මෙම මුදල් එකතු කිරීම සදහා ඔහුගේ ඉල්ලීමක් සහිත ලිපියක්ද වෙළද සංගමය වෙත ලබාදි ඇත. ඒ අනුව වෙන්නප්පුවේ ව්‍යාපාරිකයින්ගෙන් එකතු කර ඇති මුදල ලක්ෂ 07 ක් පමණ වී ඇති අතර නත්තල් කාලය පුරාමත් මේ වනවිටත් නගරය පුරා බැබලී ඇති මේ විදුලි බල්බ උඩුවියන වෙනුවෙන් දැනට වැයකර ඇති මුදල ඒ ආකාරයෙනි. නගරයක් හෝ රටක් සියලු සම්පත්තියෙන් සුඛිත මුදිතව තිබේ නම් මෙම අලංකරණ , සෝබන වැඩ සිදුකලාට ප්‍රශ්නයක් නොමැත. දැනට මාස 06කට පමණ පෙර රට පත්ව තිබූ දේශපාලන තත්ත්වයට අනුව ලංකාව ලෝකය ඉදිරියේ හිගාකෑවේ රටට අවශ්‍ය ,ආහාර ,ඉන්ධන සහ බොහෝ අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් පොහොට්ටුවේ නායකත්වය විසින් උදාකර දි තිබූ පසුබිමකය. වෙන්නප්පුව ප්‍රා.සභාපතිවරයාගේ මෙන්ම හිටපු ප්‍රා.සභාපති ට්‍රෙවින් මහතාගේ නිවාස වලට ජනතාව හානි සිදුකිරිමට තරම් පීඩනයක් මෙරට තුළ ඇතිවී වැඩි කාලයක් ගතවී නොමැත.

වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති අතුරු පාරවල් හැමදාම පැලැස්තර තාර පිරවීම් වලින් පිරී ඇත. කිසිදාක මාස 06 ක් ස්ථීර ලෙස පාරක් තනා නැත. නගරය ආලෝකමත් කර බබලවන්නට උත්සාහා කළාට මේ නගරය තුළ බෙහෙත් ගන්නට නොහැකි, කිසිවෙකුට අතපා ඉල්ලන්ට නහොැකි නමුත් දරිද්‍රතා ඇති, පාසල් පොත් අවශ්‍ය, කඩකුලී ගෙවාගන්නට නොහැකිව ව්‍යාපාර අත්හැරදමා පාඩු විදින, පොලීයට මුදල් අරන් නත්තල් සමරන අනන්නතවූ පිරිසක් ජීවත් වන බව හරියට ඇස් හැර බැලුවහොත් සොයාගන්නට අපහුස නැත.
පසුගියදා වයඹටුඩේ වෙබ් අඩවිය විසින් වාර්තා කළ පරිදි සින්දාත්‍රිය ගම්මානයේ වසර 15කින් පිලිසකර කර නැති පාලමක් තිබේ. එහි ගමන් කරන ගම්වාසීන් මුහුණ පා ඇති දුෂ්කරතා එමටය. ළමුන් කිහිප දෙනෙකු සිටින නිවෙස්වල දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය සිදුකරගැනීමට නවීන දුරකථනයක් නොමැතිව අනුන්ට අතපාන දෙමාපියන් ඕනෑ තරම් වෙන්නප්පුවේ ජීවත් වේ. ජනතාවට සැබෑ සේවයක් කිරීමට අවශ්‍ය නම් සිදුකිරීමට සේවා මේ නගරයේ ඕනෑ තරම් ඇත. හිස් බවින් බැබලීමට අවශ්‍යනම් ඒවාට ද ඕනෑතරම් කිරීමට දේ ඇත.
මේ සියල්ල පසෙක ලා වෙන්න්පුව නගරයේ පා.සභාපතිවරයා සිය පක්ෂයේ නායකයාගේ මගයමින් නැති දියුණුවක් මවාපාන්නට තවත් මුදල් නාස්තියක් සිදුකර ඇත. වෙන්නප්පුව නගරයේ මොලේ ඇති ජනතාවක් සිටී නම් ඉදිරියේදී එලඹෙන මැතිවරණයකදී මෙවැනි ක්‍රියා වලට තීන්දුවක් දෙනු ඇත.

ජසින්තා නිර්මලී

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article