Sunday, May 19, 2024

වෙන්නප්පුවේ පීට්සා හට් ඒක ඉදිරිපිට තිබූ බස්නැවතුම මතකද ?

Must read

bus halt 2

වෙන්නප්පුවේ ප්‍රා.සභාවට  දකුණු පසින් හලාවත සිට මීගමුව දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ  ඉදිකර තිබූ බස්නැවතුම් පොළ වර්තමාන ප්‍රා.සභාපතිවරයා විසින්  වසර 9 කට ඉහතදි සිය පුද්ගලික කැමැත්ත මත කඩා ඉවත්කරන ලදී. මෙම ක්‍රියාව ප්‍රා.සභාවේ අනුමැතියකින් හෝ කිසිවෙකු දැනුවත්කිරීමක් මත සිදුකළ ක්‍රියාවක් නොවේ. එම ස්ථානයේ ඉදිකෙරුණ පීට්සා අවන්හලට පිවිසුම් මාර්ගයකට ඇති බාධාවක් නිසා බස්නැවතුම ඉවත්කළ බව  දන්නෝ දනිති. අදටත් එම ස්ථානයේ් බස්නැවතුම්පොළක් ඇති බවට පුවරුක් ගසා ඇති අතර මගීන් කට්ට අව්වේ බස් ඒනතුරු සිටගෙන සිටිති. පීට්සා අවන්හලට වම් පසින් ඔ්නෑ තරම් පිවිසුමට ඉඩ ඇති අතර  මහජනතාව අදටත් වසර 9ක් තිස්සේ මෙම බස්නැවතුම් පොලේ අව්වට වේලෙමින් ,වැස්සට තෙමෙමින් සිටිති. ප්‍රා. සභාපති සුසන්ත පෙරේරා මුලදී පැවසූවේ මාගේ නගර සංවර්ධන සැලැස්මේ නව ස්ථානයක් මෙම බස්නැවතුම් පොළට දෙන බවයි. මෙම බස්නැවතුම්පොළ ඉවත්කිරීමට කාගෙන් අවසර ගත්තා දැයි අප නොදනිමු.

මේ සම්බන්ධයෙන් අප විසින් 2015 ජනවාරි 12 වනදා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයා වෙත කථා කළ අවස්ථාවේ ඔහු දිර්ඝ විස්තරයක් කරමින් පවසා සිටියේ මේ බස්නැවතුම නැවත  සවි කිරීමට ඒ ප්‍රදේශයේ තැනක් සොයාගත නොහැකි බවය. ඒ්‌සේ නම් ඔවුන් කළ යුත්තේ තිබුණු ස්ථානයේම බස්නැවතුම ඉදිකිරීමය. නීතිගරුක සහ යුක්තිගරුක දේ නම් ඒයයි. මෙම බස්නැවතුම්පොළ ඉවත්කිරීමේ කූට උවමනාව ව්‍යාපාරිකයෙකුට සිය ව්‍යාපාරික ස්ථානයට බාධාවක් වූ බස්නැවතුම ඉවත්කර දීමයි. ඒබැවින් ප්‍රා. සභාපතිවරයාට මහජනතාවගේ අවශ්‍යතාවය වැදගත් වන්නේ නැත. මේ වනවිට ඒම ස්ථානයේ ත්‍රීවිල් පාර්ක් ඒකක්ද තිබේ. ඒම ස්ථානය ව්‍යාපාරික උවමානවන්ටම වෙන්වී ඇති බව ඒම ස්ථානයේ මදක් රැදී සිටින විට පෙනී යයි.  ඒම නිසා මෙම ස්ථානයේ කෙතෙරම් ජනතාව පීඩා වින්දත් ඔහුට ඒහි වගක් නොමැත. ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔ්නෑ දෙයක් කරන්නට සූදානම් සුසන්ත ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවාද කියා අප බලාසිටිමු.bus halt3 පිට්සා පිට්සා හට්

 

ෆයස් පෙරේරා – වෙන්නප්පුව

 

සබැඳි පුවත්

 

 

වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ කඩවුණු පොරොන්දුවට වසරක් පිරෙයි?

 

පිට්සා හට් එකේ සහයට කඩපු බස්නැවතුම කෝ සුසන්ත????

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article