Tuesday, May 7, 2024

වයඹ සිංගප්පුරුවක් කරමුද?

Must read

1
නයිනමඩම – මුට්ටුව ප්‍රදේශය – නව වරාය

 

ඉදිරියෙන් තෙරක් නොපෙනෙන නිල්වන් ඉන්දියන් සාගරය. වම්පසින් සංවර්ධනයේ දොරටුව බදු කොච්චිකඩේ නගරය. ජේ ඩබ්ලිව් මැරියට් සංවර්ධනය වෙමින් පවතින හෝටලය උදා හිරුරැසින් දිලිසෙමින් නැගී සිටින අතර දකුණුපසින් ඈතට දිවයන පුත්තලම් දිස්ත්‍රික් වෙරළ තීරය. මම මේ සිටගෙන සිටින්නේ ගොඩනැගෙමින් පවතින නයිනමඩම වාරාය අසලයි.

වසර ගණනාවක් පරක්කු වීමෙන් පසු, යහපාලන රජය මගින් මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවා. නයිනමඩම ඉතිහාසය දන්න අයට අනුව මෙම ව්‍යපෘතියට මුල් ගල තබා තිබුනේ 1978 තරම් ඈත කාලයේදීයි. මෙම නව සංවර්ධනයත් සමගම මුළු නයිනමඩමටම පිබිදීමක් ඇවිත් තිබෙනවා. ඉඩම් වලට හොද මිලක් ලැබිලා තියෙනවා. මෙම වරාය ක්‍රියාත්මක කිරීම ආරම්භ වන විට මතස්‍ය වෙළඳපොලක්, වෙනත් භාණ්ඩ ගැනීමට අවශ්‍ය වෙළඳපොළ ස්වයංක්‍රියවම බිහි වෙයි කියා අපට පෙනෙනවා. ඒ තත්වය උඩ මෙම ප්‍රදේශයේ මෙම භූගෝලිය වෙනස්කම මත සමජ, ආර්ථික හා සමාජිය සංවර්ධනයක් වෙන බව ඉතාම පැහැදිලියි.

නමුත් 1978 කියන ඉලක්කම දකින් විට මට විශාල කණගාටුවක් දැනෙනවා. මේ නායකයන් සංවර්ධනය කොතරම් පස්සට ඇරලද? මෙම සංවර්ධනය පස්සට ඇරීමට වග කිවයුත්තේ කවුද? හිටපු රජයන් වලට අනිවාර්යෙන්ම මෙහි විශාල බරක් බැර වෙනවා. නමුත් ප්‍රදේශීය නායකත්වය මෙයට දුන්නු විසදුම මොකක්ද? මම හැම ලිපියකින්ම පවසන ආකාරයට වයඹට හොද ප්‍රතිපත්ති නිර්මාතෘවරු සිටියේ නෑ. අප දේශපාලන නායකයෙකු තොරන විට අපට ලැබෙන උදව් උපකාර ගැන සිතනවාට වඩා ඔහු තුළ තිබෙන දේශපාලන දර්ශනය ගැන සැලකිලිමත් විය යුතුයි. අපට ලඟම තියෙන නායකත්වය තමයි සුසන්ත මහතා, ප්‍රදේශීය සභාවේ සභාපතිතුමා. සම්ප්‍රදායික නායකයෙකු කරන වැඩ ඇරෙන්න, ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති මොනවද කරලා තියෙන්නේ? මේ ලඟදි මිනිහා පත්තරේ ඇඩ් එකක් දානවා ලබන වසර සඳහා සංවර්ධන යෝජනා දෙන්න කියලා. ඒක හොද වැඩක් නමුත් ඒකෙන් පෙනෙන්නේ හිස් කමක් නෙමේද? මහත්තයෝ හොද උපදේශකයෙක් ඔනා කියලා ඇඩ් එකක් දාන්න. අනික ඔයාගේ ඔය පාලන කරන ක්‍රමය වෙනස් කරන්න. පාරේ ලයිට් එකක් දාන්න අපි ඔයා ලඟට එන්න ඔනාද? පාරේ ලයිට් දාන වැඩ නිලධාරියෙකුට පවරන්න, ඔයා ඒක නියාමනය කරන්න. අපේ මේ පැත්තට ඔනා මොනාද කියලා හිතන්න. කර්මාන්තකරුවන් දියුණු කිරීමට ඔබ මොනාද කර තිබෙන්නේ? කර්මාන්ත මත යැපුනු වෙන්නප්පුව අද පොලී සිට්ටු ව්‍යාපාරයක් බවට පත් වෙලා. හැබැයි කර්මාන්ථ කරුවන් නැතුව නෙමෙයි. තැනින් තැන නැවත කර්මාන්තකරුවන් (හොර අරක්කු පොලවල් නෙමේ) පිරිසක් වෙන්නප්පුවේ බිහි වී තිබෙනවා. මේවා ගැන සුසන්ත මහත්තයා දන්නවාද  දන්නේත් නෑ. ඔබතුමා මෙම පිරිසට ඉදිරියේදී ලබාදෙන ප්‍රතිපාදන මොනවාද? ජනතාවගේන ඉල්ලන්න තියෙන්නේ, ප්‍රදේශීය බලප්‍රදේශයට සේවාවක් නොකළ මෙවන් කෙනෙක් පලාත් සභාවේදී යමක් කරයිද? 3

සභාපතිතුමාටම හැම දේම බැර කරලා බෑ. හෙක්ටර් අප්පුහාමී මහත්තයාත් රැස්වීම වලට ආපුවම කිවුවේ නවීන ශිතාගාරයක් නිර්මාණය කරනවා, වෙන්නප්පුව ප්‍රධාන මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයක් කරනවා වැනි ලොකු කථායි. ඔහු නික්ම යන විට කිසිදෙයක් ඉටු කලේ නෑ.  නමුත් ඔහුගේ දේශපාලන සංකල්පය වන්නේ ගෙයින් ගෙට ගොස් කන්න කෑම නැත්නම් කෑම ලබාදීමයි. වයඹින් බිහි වෙන නායකයන්ට වයඹ සතු සම්පත් හදුනාගැනීමට හැකි වී නොමැති වීම කණගාටුවට කරණක්. ඒ වගේම අරුන්දික තාම කළේ මැෂිමෙන් පොල් ගස් නැගීම පමණයි. ඔහු හැබැයි අරක්කු කර්මාන්ථය දියුණු කිරීම ගැන නම් කථා කරා. එවැනි විහිළු කථා කරනවාට වඩා ප්‍රදේශිය රැස්වීම වල කථා කරන්න කොතරම් දේ තිබෙනවාද? මේ නායකයෝ මොනද කරන්නේ?

මම හැමදාම කථා කරන්නේ ඔබටයි. මම හැමදාම කියන්නෙ ඔබ ඡන්දය භාවිත කරන විට මේ ගැන හිතනවාද?  නයිනමඩම ජනතාවනි ඔබ නයිනමඩමට මෙම නායකත්වය ඉටු කර තිබෙන්නේ මොනවාද කියා සිතනවාද? වෙන්නප්පුවේ ජනතාව මේ නායකයෝ වෙන්නප්පුවට කර තිබෙන්නේ මොනවාද? කියා හිතනවාද? මේ ආකාරයට ඉහලට කල්පනා කරනවා නම් ඉතා හොද නායකයන් අපට පත්කර ගත හැක. අවසාන ප්‍රතිඵලය ඔබට යහපත් රටක් ලැබීමයි.


ක්‍රිස්ටියන් ග්‍රේ 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article