Sunday, May 5, 2024

වෙන්නප්පුවේ වෙළද ත්‍රස්තවාදය මෙහෙයවන්නේ රාජපක්ෂලාගේ බඩියෙක් ?

Must read

susantha-and-MRවසර 35 කට වැඩි කාලයක් වෙන්නප්පුවේ ව්‍යාපාරික කටයුතු කරගෙන ගිය මුස්ලිම් ව්‍යාපාරිකයන්ට දැනට දින 14 ක් තිස්සේ සිය ව්‍යාපාරක ස්ථාන විවෘත කිරිමට ඉඩ නොදෙන්නේ වෙන්නප්පුවේ වෙළද සංගමය විසිනි.
රටේ නිති ප්‍රකාර කිසිසේත්ම එය කළහැක්කක් නොවේ.
ආරක්ෂාවට හෝ සාමයට තර්ජනයක් ඇත්ත නම් ඒ ගැන තින්දු ගත යුත්තේ ශ්‍රිලංකා පොලිසිය මිස නගරයෙ වෙළද සංගමය නොවන බව ඉතා පැහැදිලිය.
අගමැතිවරයාට ඉතා සමිප ප්‍රබල ඇමතිවරයෙකු ද සිටින වෙන්නප්පුව තුල මේ අයුරින් වෙළද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කිරිමට ඉඩ දි රජය බලාසිටි නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සියල්ල පරික්ෂා කළ යුතු යැයි කි වෙළද සංගමය පොලිසිය ලවා එයද සිදුකලේය. එහෙත් නිති විරෝධි කිසිවක් ඒ කිසිදු ස්ථානයකින් හමුවුයේද නැත.
තතු එසේ නම් මේ කඩ විවෘත කළයුතුය.
රජයේ ප්‍රබල ඇමතිවරයෙකු පොහොට්ටුවේ ප්‍රාදේශිය සභාවේ  චණ්ඩි පාට් වලට බියෙන් වෙන්නප්පුවේ වෙළද ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙන්නට ඉඩදි දැන් ඔහේ බලා සිටින තත්වයක් දැන් වෙන්නප්පුව තුල උද්ගතව පවති.
වෙන්නප්පුව ඉතිහාසය තුල කිසිදිනක මෙවැන්නක් සිදුව නොමැත.
රූපවාහිනි සාකච්ජාවලදි සාමය සංහිදියාව වෙනුවෙන් පෙනි සිටින විරයෙකු වු පුත්තලම් දිස්ත්‍රික්කයේ සම්න්ධිකරණ කමිටුවේ සභාපති හෙක්ටර් අප්පුහාමිද මික් නැත.
රටම මළගමක් වු විටකත් රාජපක්ෂලාට අවැසිව ඇත්තේ ඉන් දේශපාලන වාසි ලබාගැනිමටය. රාජපක්ෂලාගේ බඩියන්ටද එසේමය.
රටම අඩද්දි ගෝඨාභය සිය ඡන්ද සටන ආරම්භ කිරිමෙන්ම පෙනි යන්නේ රාජපක්ෂලාගේ බලලෝභිත්වයේ තරමය.
මේ අයගේ වෙන්නප්පු නියෝජිතයා වන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා නගරයේ වෙළදුන් අතර බෙදිමක් ඇතිකොට සිංහල වෙළද ප්‍රජාවට මුස්ලිම් ව්‍යාපාරික තැන් ලබාගැනිම සදහා වු තුච්ජ කුමන්ත්‍රණයක නියැලි සිටි.
ආණ්ඩුවත් මරනින්දකය ..
ආණ්ඩුවේ වෙන්නප්පු නියෝජිතයා ඇමති නිරෝෂන් දැන් වෙළද සංගමයටත් බය වේලාය.
ඉතින් කොහොමද ජනපති සටන් වෙන්න්පුව තුල මේ  ඇමතිලා මෙහෙයවන්නේ යැයි අප බලා සිටිමු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article