Sunday, May 5, 2024

පාසල් විවෘතයි

Must read

schoolබොහෝ පාර්ශවයන් ගෙන් එල්ලවූ දැඩි විවේචනයන් මැද පාසල් විවෘත කිරීමට ආන්ඩුව තීරණයක් ගනු ලැබූ අතර එ් අනුව රජයේ සෘජු පාලනය යටතේ අැති ප්‍ාරතමික නොවන පාසල් සියල්ලක්ම පාහේ හරියටම මාසයකට පසු විවෘත කරනු ලැබීය.
 බලාපොරොත්තු විය යුතු ලෙසම සිසුන්ගේ පැමිණීම අවම වූවද පාසල අඛන්ඩව වසා තැබීමට වඩා එය යම්තාක් දුරකට සාධනීය තත්ත්වයක් බව පෙනී යයි.
බරපතල සමාජ වියශනයකට පසු රටක් යථා තත්ත්වයකට පත් කිරීම අතිශය දුශ්කර කාර්යයක් වන අතර එහිදී  හැකි වහාම අවධානය යොමු කොට ක්‍රියාත්මක කල යුතු අංශ අතරින් අධ්යාපනය ප්‍රමුඛවේ.
අද දින ගනු ලැබූ අාරම්භය අනුව මෙම සතිය අවසන් වන විට පාසල්වල තත්ත්වය යහපත් වනවා අැත.
අඩු සිසුන් ප්‍රමාණයක් සහිතව වුව සියලුම පාසල් ප්‍රවාහන බස් සහ වෑන් රථ අද දින ධාවනය වනු දක්නනට ලැබුනු අතර එය හෙට දිනද එ් අයුරින්ම ක්රියාත්මක වනු අැත. එය සිසුන්ගේ පැමිණීම ඉහල යාමට ප්‍රබල හේතුවක් වනවා අැත.
 පාසල්වවල අාරක්ෂාව සම්බන්ධයෙන්  පියවරයන් රැසක් ගෙන අැති අතර දැඩි දෝෂාරෝපණයන් එල්ල කරමින් වුවද දෙමාපියන් ඉහල පෙලේ පාසල් මෙන්ම ඉතා ග්‍ාරමීය පාසල් වලද අාරක්ෂාව සලසමින් සිටිනු පෙනේ. එ් අතර නගරබද පාසල් සඳහා සන්නද්ධ අාරක්ෂක රැකවලුන්ගේ සේවයද ලැබී තිබේ.

සාමාන්‍යෙන් පාසල් නිවාඩුවකට පසුව එළඹෙන අාරම්භක දිනයේදී සිසුන්ගේ පැමිණීම දුර්වලවන අතර දරුනු සිදු වීමකට පසු තත්ත්තවය වෙනස් මුහුනුවරක් ගැනීම වලක්වාලිය නොහැක. ඊයේ දිනයේ මීගමුව ප්‍දේරශයේදී තවත් සිද්ධියක් වාර්තාවී අැඳිරි නීතිය පනවා තිබියදී පවා පාසල්වවල අද දක්නට අැති තත්ත්වවය සාමය හා සංහිඳියාව අදහන අපට විශාල සතුටක් දනවන බව කිවයුතුය.

ඥානවීර දිසානායක.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article