Saturday, May 18, 2024

දෙවන වාරය ආරම්භ වුවත් දරුවන් පැමිණ නැහැ

Must read

DSC_9315 DSC_9317

     		
දෙවන පාසල් වාරය සදහා පාසල් වල හය වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සදහා පාසල් ඊයේ  ( 6 දා ) විවෘත කර තිබුණත් සිසුන්ගේ පැමිණීම  ඉතාමත් පහල තත්ත්වයක පැවැති බව හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධාමංගල සුබසිංහ මහතා  පැවැසීය.
ඇතැම් කිතුණු දරුවන් බහුලව අධ්‍යාපනය හදාරණ පාසල් වල දරුවන් පාසල් පැමිණ නොසිටි අතර බොහෝ පාසල් වල දරුවන් පැමිණ සිටියේ සියයකට අඩු සංඛාවක් බවත් පාසල් දරුවන් ප්‍රවාහනය කරණ ලබන වෑන් රථ මෙන්ම සිසු සැරිය බස් රථ සේවාවන්ද ඊයේ  ( 6 දා )දිනයේ දි  ධාවනය නොවු බවත් අධ්‍යක්ෂ වරයා පැවැසීය.ගම්බද පාසල් වලට පාපැදියෙන් පාසල් පැමිණෙන සිසුන් පවා පාසල් පැමිණ නොසිටි බවත් ඒ මහතා පැවැසීය.
මේ අතර මේ සම්බන්ධයෙන් විමසීමේ දි බොහෝ දෙමාපියන් පවසා සිටියේ දෙවන වාරයේ පාසල් නිවාඩුව ද දිගටම ක්‍රියාත්මක කරවා පාසල් වසා දමා පසුව පාසල් විවෘත කර දෙවන හා තෙවන වාර එක දිගටම පවත්වා ගෙන යාම කෙඓහි අධ්‍යාපන බලධාරින්ගේ අවධානය යොමු වීම වැදගත් වන බවත් ය. 
පාසල් වල ගුරුවර ගුරුවරියන් පැමිණ සිටි අතර ආරක්ෂාව පිනිස කැදවා සිටි දෙමාපියන් මෙන්ම පොලිසිය ද රාජකාරි කළ බවත් කිය. පාසල් වල ආරක්ෂක කටයුතු ක්‍රියාත්මකව පැවැති අයුරු ජායාරූපයේ පල වේ.
 ඔගස්ටින් ප්‍රනාන්දු -හලාවත
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article