Saturday, May 4, 2024

වෙන්නප්පුව පොලීසියට තර්ජනය කළ අක්කා – නගෝ නැවතත් රක්ෂිතබන්ධනාගාරයට

Must read

dulakshi new(4.19 pm) පසුගිය 20  දා වෙන්නප්පුව  සිරිගම්පල ප්‍රදේශයේදී  වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් ල ඔවුන්ට තර්ජනය කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රීනි දුලක්ෂි චමෝදි ප්‍රනාන්දු සහ ඇයගේ නැගණියව අද මාරවිල මහේත්‍රාත්  අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බී.සී.කේමින්ද පෙරේරා මහතා හමුවට  ඉදිරිපත් කරන ලදී.  එහිදී ඔවුන් වෙනුවෙන්  ඉදිරිපත්වූ  නීතිඥවරයා විසින්   ඇප ඉල්ලා සිටි සිටි  අතර  අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප කරන ලදි.  මෙම සිදුවීම මේවනවිටත් විමර්ෂනය වෙමින් තිඛෙව බැවින් ඇප ප්‍රතික්ෂේප කළ බවත් පොලිස් නිලධාරීන්ට බැණ වදින හා තර්ජනය කරන වීඩියෝව වීඩියෝ සාක්ෂියක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රීවරියව සහ ඇයගේ නැගණීයව  සැප්තැම්බර් 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් බී.සී.කේමින්ද පෙරේරා මහ  නියෝග කරන ලදී.
පසුගිය 20 වනදා වෙන්නප්පුව පොලිසිය විසින් සිරිගම්පළ ප්‍රදේශයේදී  ලයිසන් සහ බලපත්‍ර නොමැති යතුරු පැදි ගැන සිදුකළ පරීක්ෂාවේදී  දුලක්ෂි චමෝදි ප්‍රනාන්දු මන්ත්‍රීවරියගේ නැගණිය සතුව ලයිසන් සහ බලපත්‍ර නොමැතිව ගමන් කරමින් සිටි අතර පොලීස් නිලධාරීන් විසින් රාජකාරිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මන්ත්‍රීවරිය  පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම හේතුකොට ගෙන වෙන්න්ප්පුව පොලීසිය විසින්   මොවුන් දෙදෙනා  අත්අඩංගුවට ගත් අතර  පියා ඇතුළු තවත් වැඩිමහල් සොහොයුරියක්   අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article