Saturday, May 18, 2024

”ගෝටාභය ගැන මගෙන් ප්‍රශ්න අහන්ඩ එපා – ද්විත්ව පුරවැසියෙක් ජන්දේ ඉල්ලලා දින්නොත් මොකද වෙන්නේ කියලා අධිකරණයට ගියෝත් බලගත්තහැකි ”

Must read

newgota&geetaමෙම ප්‍රකාශය ඊයේ (29) රාත්‍රියේදී ස්වාධින රූපවාහිනී සේවයේ පැවති ‘සංවාදය” වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී ද්විත්ව පුරවැසිභාවය තිඛෙන පුද්ගලයෙකුට ඡන්දය සදහා නාමයෝජනා ලබාදීමට  හැකිද යන්නට පළිතුරු දීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින්  ප්‍රකාශ කරන ලදී.
මාධවේදී මහේෂ් සේනානායක  මහතා විසින් ගෝටාභය රාජපක්ෂ සඳහන් කරමින් එම ප්‍රශ්නය නැඟීම  දේශප්‍රිය මහතා ප්‍රත්ක්ෂේප කළ අතර  මාධ්‍යවේදීයා නැවතත් එම ප්‍රශ්නය තවත් ආකාරයකට නඟන ලදී.
ගීතා කුමාරසිංහ මහත්මියට තනතුර නැතිවෙන්නේ ද්විත්ව පුරවැසියෙක් වීම හේතුකොට නේද ?ගීතා කුමාරසිංහ මහත්මියගේ තනතුර අහෝසි වෙනකම් අපි දැනගෙන හිටියේ නෑනේ ද්විත්ව පුරවැසියෙක් කියලා,  ඇයගේ නාමයෝජනව භාරගත්තනේ ?
”නාමයෝජනා භාරගන්න වෙලාවේදී ඒක කවුරුත් ඇහුවේ නෑනේ.  ඒක කවුරුත් ඒ වෙලාවේ චැලේන්ජ් කළේ නැනේ. දිනුවට පස්සෙනේ චැලේන්ජ් කළේ. ඒවා අධිකරණයෙන් විසදගන්න ඔ්නා කරුණු. ඔබ ද්විත්ව පුරවැසියෙක්නම් ඔබ නාමයෝජනා දීලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට බලාගන්න පුලුවන්  කැමති කෙනෙකුටල ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරු ඉන්නවනේ දීලා බලන්ඩ පුලුවන් පක්ෂයකින් මොකද වෙන්නේ කියලා.
ද්විත්ව පුරවැසියෙකු වෙලා  පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිධූරය අහෝසි වුණා කියලා කවුරුත් දන්නවනේ. එතකොට එහෙම වුණොත්ල දිනුවොත් ඒ අවධානම කවුද ගන්නේ. ” යනුවෙන් මහින්ද දේශප්‍රිය මහතා විසින් පිළිතුරු දෙන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article