Friday, May 17, 2024

සභාපති ‘බායිස්ගේ’ දේශපාලනය අවසන් කළ අවසනාවන්ත අනතුර

Must read

WhatsApp Image 2021-05-24 at 2.19.17 AMපුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස් මහතා මියගොස් ඇත්තේ හදිසි අනතුරකින් බව වාර්තා වේ. මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 23 වනදා සවස  වනාතවිල්ලුව එළුවන්කුලම
ප්‍රදේශයේදීය. අනතුර සිදුවූ අවස්ථාවේදී  ඔහු සහ තවත් පිරිසක් බායිස් මහතාට අයත් බව කියන එළුවන්කුලම – රාල්මඩුව ප්‍රදේශයේ පිහිටි ඉඩමකට ගොස් එහි සාදයක් පවත්වා ආපසු එමින් සිට ඇත.  කැබ් රථයේ පිටුපසින් වාඩිගෙන පැමිණි ඇති සභාපතිවරයා යම් අවස්ථාවක   කැබ් රථයෙන් එළියට විසිවී , අනතුරට ලක්ව තිබේ. පසුව ඔහුව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් ඒවන විටත් ඔහු මිය ගොස් තිබී ඇත. එම අවස්ථාවේදී ඔහු ගමන්ගත් රථයේ රියදුරුව මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු එස්.එෆ්.එස්.මහ්ෆි මහත්මිය 24 වැනිදා සවස නියෝග කළේය. දිසා විනිසුරුවරිය විසින් රක්ෂිත බන්ධනාගර ගත කරන ලද්දේ පුත්තලම නගර සභාවේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකුවය.හෙතම වනාතවිල්ලුව – එළුවන්කුලමේ පදිංචිකරුවෙකි.

WhatsApp Image 2021-05-24 at 2.19.16 AM (1)

ඡායාරෑප – ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article