Monday, May 6, 2024

‘ස්පා’ නිසා ශිෂ්‍යයෝ ගැටෙති

Must read

IMG_1419
වෙන්නප්පුව ජනප්‍රිය පිරිමි විදුහලක  09 වසරේ ඉගෙනුම ලබන පිරිමි ළමුන් කිහිපදෙනෙකු මේ ප්‍රදේශයේම පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකට යෑමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ රණ්ඩුවක් ගැන පසුගිය සතිවල වාර්තා විය. මෙම ගැටුම එකම ශ්‍රේණියේ ළමුන් අතර සිදුවී ඇති අතර සම්බාහන මධ්‍යස්ථානයට ගිය ළමුන් ඔවුන්ගේම තවත් මිතුරන් පිරිසකට පහරදීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.  මොවුන් අතර සිදුවී ඇති මෙම ගැටුමට සම්භාහන මධ්‍යස්ථානයට යාම හේතුවක් වී ඇත.
කෙසේ වුවත් ගැටුම තරමක බරපත ලෙස සිදුවී ඇති අතර පහර කෑ ඇතැම් ශිෂ්‍යන්ට ප්‍රතිකාර ගැනීමටද සිදුව තිඛේ.
‘ ස්පා’  හෙවත් සම්භාහන  මධ්‍යස්ථාන නිසා  සිදුවූ මෙම ගැටම සම්බන්ධයෙන් පසුගියදා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී ද සාකච්ඡා වී තිඛේ. සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනෙකු යෝජනා කර ඇත්තේ පසුගිය කාලයේ වෙන්නප්පුව ප්‍රදේශයේ තිබූ සම්භන මධ්‍යස්ථාන පොලිසිය මගින් තහනම් කළත් තවමත් පවත්වාගෙන යන ඒවා තිඛෙන බවයි. මේවාද තහනම් කිරීමට කටයුතු කළ යුතු බවට ප්‍රා.සභාපතිවරයා යෝජනා කර තිඛේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article