Sunday, May 19, 2024

වතුර බැස නොයාමෙන් පුත්තලමේ පුද්ගලයින් රැසක් පීඩාවට

Must read

image_2c7f41754f
පවතින වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාමේන් හා වැව් කිපයක් වාන් දැමීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 623 ක පුද්ගලයින් 2183 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ අටක ජනතාව පීඩාවන්ට පත්වී ඇති අතර එයින් වැඩිම පිරිසක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එහි පවුල් 208 ක පුද්ගලයින් 648 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව කියයි.

ඒ සමඟම මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 165 ක පුද්ගලයින් 622 දෙදෙනෙකුද නාත්තන්ඩිය පවුල් 97 ක 380 දෙනෙකුද , වෙන්නප්පුව පවුල් 95 ක පුද්ගලයින් 295 ක්ද ,මහවැව පවුල් 30 ක 120 දෙදෙනෙකුද, හලාවත පවුල් 25 ක 110 දෙනෙකුද, වනාතවිල්ලුව පවුල් 2ක ක 4 දෙනෙකුද,කරුවලගස්වැව 1ක් පවුලක 4 දෙනෙකුද මෙලෙස පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.image_394806e746

අකුණු සැර වැදී එක් අයෙකු මියගොස් ඇති බවද පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
හිරාන් ප්‍රියංකර ජයසිංහ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article