Saturday, May 18, 2024

සාගර පර්යේෂණ සදහා නවීන නෞකාවක්

Must read

NARABuoy_m300ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ඉල්ලීම අනුව සාගර පර්යේෂණ සදහා නවීන පහසුකම් වලින් සමන්විත අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට සාගර පර්යේෂණය පිළිබද කොරියානු විද්‍යාතනය තීරණය කර ඇත.
ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය [නාරා ] සහ කොරියානු සාගර පර්යේෂණ  විද්‍යායතනය අතර ඒකාබද්ධ පර්යේෂණ සහයෝගිත වැඩසටහන පිළිබද සාකච්ජා කිරීමට මෙම කොරියානු නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සාකච්ජා කළහ.
ඒ අනුව සාගර පර්යේෂණ කටයුතු සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ විශේෂඥන් සදහා පුහුණුව සහ නවීන පහසුකම් සැලසීම දෙරට අතර සාගර පර්යේෂණ සහයෝගිත වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකය. මෙම සාගර පර්යේෂණ කටයුතු පිළිබද ඒකාබද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද තීරණය කෙරිණ .
සාගර පර්යේෂණ පිළිබද මෙම ඒකාබද්ධ මධ්‍යස්ථානය කල්පිටියේ ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබිය. මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් කිරීමටත් සාගර පර්යේෂණ කොරියානු විද්‍යායතනය කැමැත්ත පල කළේය.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article