Sunday, May 19, 2024

සුපිරි මන්දිරේ – කසිප්පු වැක්කෙරේ !

Must read

මිරිස්සන්කොටුව , උතුරු ගෝනවිල ප්‍රදේශයේ සුඛෝපභෝගි දෙමහල් නිවසක ගෑස් භාවිතයෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් හා කසිප්පු සහ පෙරුම් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ දුෂණ මර්දන අංශය කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම සුඛෝපභෝගි දෙමහල් නිවසේ හිමිකරු හා කසිප්පු පෙරීම සදහා ඔහුට සහය වු අයෙකි. දීර්ඝ කාලයක් ඉතාලියේ රැකියාවක නිරතව සිට ඇති මෙම නිවසේ හිමිකරු මාස කිහිපයකට පෙර මෙරටට පැමිණීමෙන් පසුව අනෙක් පුද්ගලයා සමග එක් වී කසිප්පු පෙරීමේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

වැටලීම සිදු කළ අවස්ථාව විට සැකකරුවන් විසින් මෙම නිවස තුළ කසිප්පු පෙරීම සිදුකරමින් සිටි බවත්, පිටතට රැගෙන යාමට සුදානම් කර තිබූ නිපදවන ලද තවත් කසිප්පු තොගයක් විශාල කෑන්වලට පුරවා තිබු බවද පොලිසිය පැවසීය. කසිප්පු නිපදවීම හවුල් ව්‍යාපාරයක් ලෙස නිවෙස් හිමියා හා අනෙක් පුද්ගලයා විසින් කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම ස්ථානයේ තිබි කසිප්පු බෝතල් 250 කට ආසන්න ප්‍රමාණයක් , ගෝඩා බැරල් 7ක්, ගෑස් ටැංකි 4ක් හා ගෑස් ලිප් 4 ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

kasippu1 kasippu2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article