Sunday, May 5, 2024

හලාවත මහවැව “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනට දහසකට අධික ජනතා සහභාගීත්වයක්

Must read

රෝග කල්තියා හදුනාගෙන ප්‍රතිකාර සේවා ලබාදීම මුලික දැක්ම සහ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් පවත්වනු ලබන “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් (11 දින) හලාවත මහවැව ශ්‍රී ධර්මාරාම මයේහා විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදුනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ මෙම ජංගම වෛද්‍ය සායනය කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල 100 කගේ පමණ සහභාගීත්වයෙන් දිනය පුරා පැවැති අතර, සෞඛ්‍ය සේවාවන් ලබාගැනිම සදහා මාලිගාවත්ත, කුරුළුඋයන, මැදවනවැව, මට්ටාකොටුව සහ වී හේන වැනි දුෂ්කර ගම්මානවල දහසකට අධික ජනතාවක් මෙම ජංගම සායනය හා එක්ව සිටියහ.

මෙම “සුවයට අරුණක්” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව ඇතුලු සේවාවන් සපයන ලදි.

මෙහිදි අදහස් දැක් වු සෞඛ්‍ය අමාතාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය මහතා කියා සිටියේ රජය විසින් අසිරු කාලවකවානුවක් තුල වුව ද දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂණය වෙනුවෙන් මෙවැනි වැඩ සටහන් නොඩකඩා ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යතුමගේ පුර්ණ ආශිර්වාදය සහ සියළු නිලධාරීන්ගේ කැපවීම තුලින් නොමිලේ පවත්වනු ලබන මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ වී එහි ප්‍රතිඵල උපරිමයෙන් ලබාගැනීමට කටයුතු කිරිම ජනතාවගේ වගකීමක් බවයි. රෝග කල්තියා හදුනා ගැනීම, ප්‍රතිකාර සේවා ලබාදීම, වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරිම සහ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදිම ද මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායන තුලින් සිදු කරන බව ද පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) යු.ඒ.එච්.එස් සිසිර කුමාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, හලාවත පොලිස් කොට්ඨාස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කුමාර, මහවැව ප්‍රාදේශීය ලේකම් සුදර්ශණී බණ්ඩාර යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය අංශ නියෝනය කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුලු ප්‍රජාසංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

News.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article