spot_img
Friday, March 6, 2026
spot_img

හිටපු ප්‍රා.සභාපති සුසන්තගේ ව්‍යාපාරික මිතුරන් සහ මහජනතාවගේ බස් හෝල්ට් ???

Must read

අද (8) වෙන්නප්පුව ප්‍රා.සභා රැස්වීමේදී හිටපු ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා විසින් ඊයේ රාත්‍රිෙය්දී දංකොටුව නගරයේ ඉදිකිරීමට සූදානම් වන බස් නැවතුම්පොළක් සම්බන්ධයෙන් අදහසක් පළකරන ලදී. එහිදී ඔහු කියා සිටියේ මෙම බස්නැවතුම්පොළ නිසා ව්‍යාපාරිකයෙකුගේ වෙළඳ ස්ථානයක් වැසීයනු ඇති බවයි. මීට පිලිතුරු වශයෙන් ආන්ඩු පක්ෂයේ ඒ සම්බන්ධව ක්‍රියාකරන මන්ත්‍රීවරයා පවසා සිටියේ තවම බස්නැවතුම්පොළ ඉදිකර අවසන් නොමැති බවත් එය ආරම්භ කළා පමණක් බවත්, එය සෑදීමට පෙර එහි දිග පළල ගැන ප්‍රකාශ නොකරන ලෙසත්ය.

මීට වසර 13කට පමණ පෙර වෙන්නප්පුව ප්‍රා.සභාවට ආසන්නයෙන් කොළඹ – හලාවත මාර්ගයේ පිහිටා තිබූ බස්නැවතුම් පොළ එවකට ප්‍රා.සභාපතිවරයා ලෙස කටයුතු කළ සුසන්ත පෙරෙරා විසින් කඩා ඉවත්කරන ලද්දේ හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාගේ අනුදැනුමක් හෝ අවසරයක් නොමැතිවය. අප විසින් එම බස්නැවතුම්පොළ නැවත ඉදිකරන්නේ කවදාද යන්න දිගින් දිගටම විමසුවද ඊට පිළිතුරක් නොලැබුන අතර අදටත් එම ස්ථානයේ බස් නවත්වන අතර මගීන් අව්වේ වේලෙමෙින් , වැස්සට තෙමෙමින් මෙම ස්ථානයේ බසයක් එනතුරු සිටගෙන සිටිති. ගැලවූ බස්හෝල්ට් එක කාලයක් යනතුරුම ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ පැත්තකට විසීකර තිබුණි.
හිටපු ප්‍රා.සභාපති සුසන්ත පෙරේරාට අවශ්‍යවී තිබුණේ පොදු ජනතාවගේ පහසුව නොතකා සිය ව්‍යාපාරික මිතුරාට එම ස්ථානයෙන් පිවිසුම් මාර්ගයක් තනා දීමටයි. ඒ අවශ්‍යතාවය ඉටුවූ අතර අදටත් එම බස් හොල්ට් එක එම ස්ථානයේ නොමැත. නමුත් පීට්සා හට් වෙළද සැලට එම ස්ථානයේ පිවිසුම් මාර්ගයක් සෑදී ඇත.
ඊයේ දංකොටුවේ ඉදිකිරීමට සුදානම් වූවා යැයි කියන බස්නැවතුම්පොළ සම්බන්ධයෙන්ද සුසන්ත පෙරේරාගේ අවධානය යොමුවී තිබෙන්නේ එක් වයාපාරික මිතුරෙකුගේ වෙළද මධ්‍යස්ථානයට සිදුවන අවහිරතාවයක් ගැනයි. සුසන්තලා හිතන අකාරයට නගර සැලසුමකදී නගරයේ නැත්නම් ,නගර මධ්‍යෙය් බස්නැවතුම් නොතිබිය යුතුද? බස් නැවතුම්පොළවල් නිසා ව්‍යපාරිකයින්ගේ වෙළඳ ස්ථාන වලට අවහිරයක් වෙනවා නම් බස් නැවතුම්පොළවල් නගරයෙන් පිටතට ගෙන යා යුතුද? එවිට නගරයට එන පාරිභෝගික ජනතාව මෙන්ම,රාජ සේවකයන් ,පාසල් ළමුන් හට මුහුණ දෙන දුෂ්කරතාවයන්ට වගකිවයුත්තේ කවුරුන්ද ?
වෙන්නප්පුව නගරයේ බදු ගෙවන ජනතාවට අයිතිව තිබූ බස්නැවතුම්පොලක් ඉතාම අහේතුක කාරණයක් මත , ප්‍රා.සභාවේ සාමාජිකයින්ගෙන්ද විමසුමක් නොකර, කිසිදු අවසරයකින් තොරව කඩා ඉවත් කර අදට වසර 13කි. අදටත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු කතා නොකරයි. එම ස්ථානයේ බස්නැවතුම්පොළක් නොමැත. ප්‍රා. සභා කාර්්‍යභාරයේ දී මහජන පොදු දේපල ආරක්ෂා කිරීම සහ නගරයේ බහුතර පොදු ජනතාවගේ පහසුකම් සහ ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම ප්‍රමුඛ කාර්්‍යයකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article