Sunday, May 5, 2024

2021 වර්ෂය සඳහා නාත්තන්ඩිය,වෙන්නප්පුව සහ පුත්තලම ප්‍රාදේශීය සභා වල අය – වැය

Must read

Proposal2x2021 වර්ෂය සදහා නාත්තන්ඩිය,වෙන්නප්පුව සහ පුත්තලම ප්‍රාදේශීය සභා වල අය – වැය සම්මත වී ඇතත් හලාවත නගර සභාවේ අය – වැය පරාජයට පත්වී ඇත.

පසුගිය 13 වැනිදා මෙම අය වැය ඉදිරිපත් කිරීම සිදු විය.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සදහා වන අය වැය සභාපති රොෂාන් නිලන්ත ප්‍රනාන්දු මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදි.එහිදී අය වැයට පක්ෂව සභිකයින් 29 දෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කරන ලදි.විපක්ෂය සභිකයින් 07 දෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කරන ලදි.ඒ අනුව වැඩි ඡන්ද 22 කින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ 2021 අය වැය සභා සම්මත විය.

අය – වැයට පක්ෂව ශ්‍රී ලංක පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයින් 18 ක්, ස්වාධීන 01 සභිකයෙකු,එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 06 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 04 දෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කරන ලදි. විපක්ෂව එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 05 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුනේ සභිකයින් 02 කු ඡන්ය භාවිතා කරන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 02 ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයින් 02 කු සභාවට පැමිණ සිටියේ නැත.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සදහා වන අය වැය ලේඛණය සභාපති සුසන්ත ප්‍රනාන්දු මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදි.

එම අය – වැය ලේඛණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයින් 23 කු සහ ස්වාධීන සභිකයා පක්ෂව ඡන්දය භාවිතා කරන ලදි.එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 08 කු,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 01 සභිකයෙකු,ස්වාධීන 01 සභිකයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ සභිකයින් 02 කු අය – වැය ලේඛණයට විරෝධය පළ කරමින් ඡන්ද ප්‍රකාශ කරන ලදි.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 02 ක් සහ ස්වාධීන 01 සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සදහා වන අය වැය වැඩි ඡන්ද 12 කින් සම්මත විය.

මේ අතර පුත්තලම ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සදහා වන අය වැය ලේඛණය සභාපති අංජන සදරුවන් විසින් සභාවට ඉදිරිපත් කරන ලදි.අය – වැයට රහස් ඡන්දයක් මෙහිදී විමසන ලදි.එහිදී පක්ෂ්‍ය ඡන්ද 13 ක් ලැබුණු අතර,විපක්ෂව ඡන්ද 09 ක් ලැබුණි.එක් සභිකයෙකු පැමිණ සිටියේ නැත.

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභිපති ධූරය එක්සත් ජාතික පක්ෂයේ සභිකයෙකු විසින් දරන අතර,උප සභාපති ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයෙකු විසින් දරණු ලබයි.

හලාවත නගර සභාවේ 2021 සදහා වන අය වැය ලේඛණය සභාපති තුෂාන් අබේසේකර මහතා විසින් සභාව හමුවට ඉදිරිපත් කරන ලදි.එහිදී අය – වැයට පක්ෂව සභිකයින් 06 දෙනෙකු  ඡන්දය ප්‍රකාශ කළ අතර,විපක්ෂව සභිකයින් 13 දෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කරන ලදි.ඒ අනුව වැඩි ඡන්ද 07 කින් හලාවත නගර සභාවේ අය වැය ලේඛණය පරාජයට පත් විය.

අය වැය ලේඛණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ සභිකයින් පමණි.විපක්ෂව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයින් 06 කු,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 06 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ සභිකයා තම ඡන්දය භාවිතා කරන ලදි.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 01 සභිකයෙකු සභාවට පැමිණ සිටියේ නැත.

හලාවත නගර සභවේ සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති අතර, උප සභාපති ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවී ඇත.උප සභාපතිවරයාද අය – වැය ලේඛණයට විරුද්ධය ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.


තොරතුරු – ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article