Monday, May 6, 2024

පූජිත එජාපයෙන් වයඹ මහඇමැති තරගයට !

Must read

pujith_nwpඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ඇසුරෙන් Info Sri Lanka News වෙබ් අඩවිය  විසින් වාර්තා කර තිබේ.

ඒ, තම පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්ය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය කල සොයා බැලීමක දී වාර්තා වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් පුජිත ජයසුන්දර මහතා වෙත වයඹ මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අදාල වෙබ් අඩවියට  අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුජිත ජයසුන්දර වයඹ මැතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකත්වය ඉල්ලා නොමැති බවයි.

නමුත් ඔහු විසින් තමන් දරන තනතුරින් ඉවත්ව අපේක්ෂකත්වය ඉල්ලා සිටියහොත් පක්ෂයේ නාම යෝජනා මණ්ඩල විසින් ඒ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවද එම ප්‍රකාශකයා විසින් Info Sri Lanka News වෙත පවසා ඇති බවද එම වාර්තාවේ සදහන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article