Saturday, May 18, 2024

94දී ජවිපෙ යළි ප්‍රසිද්ධ දේශපාලනයට ගෙනඒමට දායකවූ මැතිව් ප්‍රනාන්දු සමුගනී !

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
88-89 භීෂණයෙන් පසුව දේශපාලනික වශයෙන් හුදෙකලාව සිටි ජනතා විමුක්ති පෙරමුණ 1994 මහ මැතිවරණයේදී යළි ප්‍රසිද්ධ දේශපාලනය ගෙන ඒමට විශාල කාර්ය භාරයක් ඉටුකල මැතිව් ප්‍රනාන්දු හදිසි

හෘදයාබාදයක් හේතුවෙන් අද (04) උදැසන ජිවිතයෙන් සමුගෙන ඇත.

මියගෙන විට ඔහු 52 වියෙහි පසුවිය.

ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් යුතු ‘ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ’ සමග 1994 දී ඇතිකර ගත් එකඟත්වය මත එම පක්ෂයේ නම ‘ජාතිය ගලවාගැනීමේ පෙරමුණ’ ලෙස සංශෝධනය කරමින්,  ‘මල් බඳුන’ ලාංජනය යටතේ ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී,  ජාතිය ගලවාගැනීමේ පෙරමුණේ ලේකම් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සමග සියලු නිල ගනුදෙනු සිදුකරනු ලැබුවේ මැතිව් ප්‍රනාන්දුය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා පිඨයේ ශිෂ්‍යයකුව සිටියදී දේශපාලන ශිෂ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයකුව සිටි මැතිව් එසේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට මැදිහත්වූයේ සිය අධ්‍යාපන කටයුතු ද පසෙකලමිනි.

94 මහ මැතිවරණයෙන් පසුව හම්බන්තොට පැවති ජවිපෙ දෙවන සම්මේලනයේදී ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරීපත්විය.

මැතිව් ප්‍රනාන්දුගේ දේහය මහනුවර ගන්නොරුව නිවසේ තැම්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසති.

මැතිව්ගේ හදිසි විරෝවෙන් පසු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන්වේ.

Sunil Handunneththi

මැතිව් අය්යා යන්න ගිහින් …

කවුද මේ මැතිව් ? සුන්දර විප්ලවීය භාවිතාවක්.. සුන්දර මිනිහෙක්.

පුංචි ඇගක් උනාට ලොකු හදවතක් .. රුසියානු විප්ලවවාදී සාහිත්‍ය යේ කියවපු කතාවක හිටපු අපි ඇත්තට දකින්න ආස විප්ලවාදියෙකු වුනා ඔහු අපිට …ඒ කාලේ..

අපි කැම්පස් එකේදි කෝස් එක අත්හැරලා දේශපාලනය කරන එක හරිය කියල හිතනකොට අනාගතය දැකලා ඉගෙනීම එක්ක දේශපාලනය කරන හැටිත් කියාදුන්නා …

රැඩිකල් භාවිතාව අපිලිවෙල ..අපිරිසිදු ඇදුම් ..සෙරෙප්පු දෙක වෙනුවට ..
පිලිවෙලට අදින .. කලාව සාහිත්‍ය .. ආදරය .. මේ ඔක්කොම එක්වුණු ජීවිතයක් විප්ලවාදී භාවිතය බව තමන්ගේ උදාහරණයෙන්ම අපිට උගන්වපු ගුරුවරයා ….

අපේ සංවිදායකයා..

” වේදිකාවේන් මහපොළොවට “ ජපුරේ අදටත් පවතින කලා වැඩේට නම දුන්න. .. මැතිව් අයියා ..

කොහෙන් හරි ඉක්මනින් ඇවිත් අපිට අමාරුම වෙලාවට ලගම හිටිය සටන් සගයා …

හැම දේම වෙනස් විදියකින් දකින්නට ලස්සන ඇස් තිබුණු සුන්දර විප්ලවවාදියා ඉක්මනින් ගිහින් ..

මැතිව් අයියා මට නොමියෙන අමරනීය මතකයක් හැමදාම ..

මම හිතන්නෙ ඇසුරු කරපු බොහෝ දෙනෙකුට එහෙමයි ..

(සුනිල් හඳුන්නෙත්ති)
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article