Sunday, May 5, 2024

මිනිසුන්ට මර උගුලක් වි ඇති ,මාරවිල මුහුදේ ඇති අතහැර දැමූ යාත්‍රාවක් ??

Must read

600(1) 37(1) 23(1) 36

මාරවිල කුරුස පල්ලියට ආසන්නයෙන් මුහුදු තීරයේ තිබෙන ඇතහැර දමා ඇති නාවුක යාත්‍රාව එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස මීට පෙර අවස්ථා කීපයකදීම තමන් විසින් නියෝග නිකුත් කර ඇති නමුත් එය මේ දක්වා ඉටු වී නොමැති බව මාරවිල හදිසි මරණ පරීක්ෂක නිහාල් පද්මසිරි ගරුසිංහ මහතා පැවසීය.

මාරවිල කුරුස පල්ලිය ආසන්නයට ගොඩ ගසා තිබූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් නිරීක්ෂ කටයුතු සදහා පැමිණි අවස්ථාවේදී හදිසි මරණ පරීක්ෂකවරයා මේ බව කියා සිටියේය. මුහුදේ ගිලී මිය ගොස් ඇති බවට සැකකරන අයෙකුගේ මළ සිරුරක් පසුගිය 05 වැනිදා මාරවිල – කුරුස පල්ලිය ආසන්න වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් සොයා ගෙන තිබුණි.පසුව මේ සම්බන්ධයෙන් මාරවිල පොලීසිය දැණුවත් කිරීමටද එම ධීවරයින් කටයුතු කර ඇත.

මාරවිල පොලීසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශණයෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක නීල් පද්මසිරි ගරුසිංහ මහතා එම ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.මළ සිරුර ගොඩ ගසා ඇති ස්ථානයට ආසන්නයේ මුහුදේ අතහැර දමා ඇති නාවුක යාත්‍රාවක් මෙම මරණ වලට හේතුව බව එම ස්ථානයේ සිටි ධීවරයින් පෙන්වා දෙන ලදි.  මාරවිල මුහුදු වෙරළට වැලි පොම්ම කිරීම සිදු වූ අවස්ථාවේ පහසුකම් සැපයීම සදහා යොදා ගෙන තිබූ “ටග් යාත්‍රාවක්″ මෙසේ අතහැර දමා ඇත.මෙම යාත්‍රාවේ ඇතැම් කොටස් ඉවත් කර ඇති නමුත් වැඩි ප්‍රමාණයක් තවමත් ඉතිරිව ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පෙන්වා දෙයි.ඉතිරිව ඇති මුහුදු යාත්‍රාවේ කොටස් හේතුවෙන් එම ස්ථානය අනතුරු දායක තත්ත්වයට පත්ව ඇති බවද ඔවුන් සදහන් කරයි.2012 වර්ෂයේ පටන් අතහැර දමා තිබෙන මෙම යාත්‍රාව තම ප්‍රදේශයට මර උගුලක් බවට පත්ව ඇති බවද  ඔවුන් කියා සිටී.

මෙහිදී අප කළ විමසීමකට පිළිතුරු දුන් මාරවිල හදිසි මරණ පරීක්ෂක නීල් පද්මසිරි ගරුසිංහ මහතා මෙසේ පැවසීය.“මෙම ස්ථානයේ මුහුදේ ගිලී මිය ගොස් ඇති 10 දෙනෙකුගේ පමණ මරණ පරීක්ෂණ කටයුතු මා විසින් සිදු කර තිබෙනවා.මෙම ස්ථානයේ දිය නෑම අනතුරු දායක බවට වන පුවරුද සවි කර තිබෙනවා.නමුත් ඇතැම් පිරිස් අනතුරු දායක තත්ත්වය නොදැන හෝ නොසලකා දිය නෑම හේතුවෙන් මෙවැනි මරණ පසුගිය කාලය තුළ සිදුවී තිබෙනවා.

මෙම ස්ථානය් අතහැර දමා ඇති මුහුදු යාත්‍රාව ඉවත් කරන ලෙස මම අවස්ථා කීපයකදීම මාරවිල පොලීසියට නියෝග කලා.නමුත් එය මේ වන තුරු ඉටු වී නැහැ.මෙම කටයුත්ත සිදු කළ යුත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව බව දැනට මා විසින් කරන ලද අධ්‍යයනයකදි සොයා ගෙන තිබෙනවා.ඒ අනුව අද මම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනවා වහාම මෙම යාත්‍රාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස.

මෙම යාත්‍රාව තිබෙන ස්ථානය තුළ බොක්කක් නිර්මාණය වී ඇති බවට අපිට නිරීක්ෂණය වනවා.මෙම තත්ත්වය ඉතාමත්ම අනතුරු දායකයි.ඒ නිසා වගකිව යුතු අංශ මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බවයි මා විශ්වාස කරන්නේ.එසේ නොමැති වන්නේ නම් මෙවැනි අනතුරු තවත් ඉදිරියේදී සිදු විය හැකියි.″

මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය – කොට්මුල්ල පදිංචි මොහොමඩ් උවයිස් මොහොමඩ් ඌෂන් (අවු:37) යන අය බවට පසුව හෙලි විය.මෙම අය යතුරු පැදියකින් මාරවිල – කුරුස පල්ලිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශනයේදී හෙලිවී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා සිරුර මාරවිල මූලික රෝහලට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා මාරවිල පොලීසියට නියම කරන ලදි.

මාරවිල පොලීසියේ උප පොලිස් පරීක්ෂක නාලක මහතා විසින් විමර්ශණ කටයුතු සිදු කරන ලදි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article