spot_img
Saturday, March 7, 2026
spot_img

ව්‍යසනයකදී වාසි ගැනීමට කටයුතු කරන්නා, ත්‍රස්තවාදියකු තරම්ම භයානකයි. සිනමාවේදී අශෝක හඳගම

Must read

asoka 1රටම බරපතල ව්‍යසනයකට මුහුණදී සිටියදී එයින් වාසි ලබාගැනීමට කටයුතු කරන කවරෙකු වුවද එවැන්නන් ත්‍රස්තවාදීන් තරමටම භයානක බව සිනමාවේදී අශෝක හඳගම මහතා පසුගියදා  අවධාරණය කර සිටියේය. ඔහු ඒ බව සඳහන් කර තිබුනේ  අනිද්දාපුවත්පතට වසරක් පිරිම නිමිත්තෙන් කොළඹ BMICH හි පසුගිය (29) පස්වරුවේ පැවැති සංවත්සර සභාව අමතමිනි.
අශෝක හදගම ඉතාමත් නිවරදිව කළ මේ ප්‍රකාශයේ ඇත්ත ක්‍රියාකාරිත්වය අපි ඕනෑවටත් වඩා වැඩියෙන් අත්දකිමින් සිටිමු.
රටම එකම මළගෙයක් මෙන් සුදුකොඩි දමන පසුබිමකදි ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් අන්තවාදය පරාජය කිරිම සදහා තමන් ජනාධිපතිවරණයට තරග කරන බව කිවේය.
පසුගිය දිනක රුපවාහිනි සජිවි වැඩසටහනකට එක්ව සිටි පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත කියා සිටියේ ත්‍රස්තවාදීන් හා ගැටුමක දී හමුදා සාමාජිකයින්
11 දෙනෙකු මියගොස් ඇතැයි කියාය.
අසත්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ දැරූ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන සන්ධාන මන්ත්‍රී පියල් නිශාන්ත මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්න බරපතල ගැටළුවකි.
තතු එසේනම් අසත්‍ය පතුරමින් මුහුණු පොතේ පිණුම් ගසන විනාශය කරා රට ඇදගෙන යන අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද ?
අදාල බලධාරින් පියල් නිශාන්ත මන්ත්‍රිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තැනදි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වු මංගල සමරවිරට මේ ගැන ලිඛිත පැමිණිල්ලක් පවා කරන්නට සිදුවනවා නම් රටෙ ආරක්ෂාව භාර ප්‍රධානියාගේ කෙරුවාවේ තරම රෙද්ද ගලවාගෙනම පෙන්වා දි ඇතිවා සේය.
 


.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article