අද කුලියපිටිය නගරයේ පදික වේදිකාවේ දුටු දර්ශනයක්. පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ මා දුටුවා මෙවැනි පිරිසක් පළාත් පාලන ආයත නිළධාරින් හා පොලිසිස් නිළධාරින් විසින් පදික වේදිකාවෙන් ඔවුන්ට ඉවත්වන ලෙස කියා බලපෑම්කරනවා. ඒ නිසා මේ සටහන තබමි.
අපේ රටේ කුල දූරාවලියේ පහල ස්ථරයක සිටින කුලයක් ලෙස “කුඹල් කුලය” හැදින්විය හැකිය. සමාජය මොනතරම් නූතත හෝ භෞතිකවාදි ලෙස වෙනස්වුනත් පහල කුලේ ප්‍රජාව තවමත් සමාජ බහිස්කරනයට හා ආන්තීකරනයට ලක්වෙමින් තියෙනවා. කුඹල් හෝ මැටි කර්මාන්තයේ නිරතවන ගම්මාන හෝ ප්‍රජාවන් තවමත් වෙනම සමාජ අනන්‍යතාවයක් සහිත මිනිස් කොඨ්ඨාසයක් ලෙසයි හදුනාගනු ලබන්නේ.
මෙලෙස ඔවුන් සමාජය තුල අසරණ වෙමින් කරන මැටි භාණඩ නිශ්පාදනවලට විශාල ආදේශක භාණඩ (ප්ලාස්ටික් හා ඇලුමිනියම්) වෙළෙඳ පොලේ තිබෙන නිසා, ඔවුන් තව තවත් ආර්ථික වශයෙන් ද අසරණවෙමින් සිටි, අදවනවිට අපේ රටේ සිදුවන ප්ලාස්ටික් මුල්කොටගත් පරිසර, ජල හා සෞඛ්‍ය ගැටලු වලට එක් විසදුමක් වන්නේ කුඹල් කර්මාන්තය, ඒ වෙනුවෙන් මෙම ප්‍රජාව සමාජ සංස්කෘතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ආරක්ෂාකරගතයුයි.
ඔවුන් සමාජිය වශයේ බැටකාල, ආර්ථික හා තාක්ෂණික වශයේ දැවැන්ත තරගයකට මුහුණදීලා ඉතා වෙහෙසකර ලෙස මෙවන් මැටි ආශ්රිත භාණ්ඩ නිශ්පාදනකොට, ඒවා ඉතා සුලු මුදලකට වසරේ සීමිත කාලයක විකිණීමට නගරයට රැගෙන එන විට, ඔවුන්ට නොයෙක් ආකාරයෙන් තාඩන පීඩන කිරිම මනුෂ්‍යත්වයටම නින්දාවකි, ඔවුන් මාර්ග නීති හෝ පදික නීති උල්ලංඝනය කරන්නේනම්, ඔවුන්ට සුදුසු ස්ථානයක් ලබාදීම බලධාරින්ගේ වගකීමක්. බලය හා මුදල් තියෙන අය මීට වඩා බොහෝ නීති කඩකරමින්, අල්ලස් කප්පම් දෙමින්, බොහෝ ඉදිකිරීම් හො මාර්ග නීති උල්ලංඝනය කරමින් කෝටි ගනන් උපයන්නේය. නමුත් මේ අසරණ මිනිස්සු යාන්තම් පන ගැටගහගන්නයි මේතරම් අවලාද කරදර විදින්නේ.
ඔවුන් ගැන මීට වඩා වෙනස් විදිහකට හිතමු, ඒ වගේම ඔවුන්ට උපකාර නොකලත් කරදර නොකර සිටිමු. සිංහල හින්දු අලුත් අවුරුද්ද ට හා ජනවාරි පලවෙනිදාට විතරක්, වසරේ දෙපාරක් උදාවන මෙ දුර්ලභ අවස්ථාවෙන් ඔවුන් දරුවන්ටත් අවුරුදු කන්න කීයක් හරි හොයාගන්න මේ කරන ජීවන සටනට පයින් ගහන්න එපා ආදරණිය මහත්ම මහත්මියණි.







