පසුගිය 15 වනදා මඩු දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මඩු දේවමෑනියන්ගේ මංගල්ලය උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මංගල්‍ය පූජාව ඒකාබද්ධ මංගල්‍යයක් ලෙස , මන්නාරම රදගුරු පදවියේ රදගුරු අති උතුම් ඇන්තනි පිල්ලෙයි ඥානප්‍රකාසම් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, බදුල්ල රදගුරු පදවියේ රදගුරු අති උතුම් එඩු නිශාන්ත සිල්වා හිමිපාණන්, මන්නාරම රදගුරු පදවියේ විශ්‍රාමික රදගුරු අති උතුම් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් සහ අනුරාධපුර රදගුරු පදවියේ රදගුරු නොබත් අන්රාදි හිමිපාණන්ගේ නායකත්වයෙන් යුතුුව පැවැත්විණි.












