කල්පිටිය ප්රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලවි කළ ජාවාරම්කරුවෙකුව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 19 වැනිදා සවස කල්පිටිය – අල්මනාර් ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් මත් කරල් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – අල්මනාර් පදිංචි 38 හැවිරිදි අයෙකුවය.සැකකරු සතුව තිබී මත් කරල් 500 ක ප්රමාණයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
ජුඩ් සමන්ත







