spot_img
spot_img
Sunday, September 27, 2026
spot_img
spot_img

රාජ්‍ය හා පළාත් සංවර්ධන නිලධාරීන් සදහා නව සේවා ව්‍යවස්ථාවක් ගැන ඉල්ලීමක්

Must read

රාජ්‍ය හා පළාත් සංවර්ධන නිලධාරීන් සදහා නව සේවා ව්‍යවස්ථාවක් ස්ථාපනය කරන ලෙස රාජ්‍ය හා පළාත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් සකස් කරන ලද කෙටුම්පතක් පසුගියදා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා වෙත එම කොමිෂන් සභාවේදී බාර දෙන ලදි.

මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ සංවර්ධන නිලධාරීන් 1,50,000 ක් පමණ වන ප්‍රමාණයක් මේ වන විට සේවයේ සිටින බවත්,ඔවුන් සදහා විධිමත් සේවා ව්‍යවස්ථාවක්,උසස් වීම් පටිපාටියක්,අධි ශ්‍රේණි පන්ති උසස් වීමක්,නොමැති බවද රාජ්‍ය හා පළාත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.වර්තමානයේ  සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ විද්‍යාත්මක නොවූ සේවා ව්‍යවස්ථාවක් බවත්,එම හේතුවෙන් තම නිලධාරීන් ගැටළු රැසකට මුහුණ දී සිටින බවද ඔවුන් කියා සිටියේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය සහ පළාත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථා කෙටුම්පතක්ද රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත බාර දෙන ලදි.

ඔක්තොම්බර් මස අවසානයේදී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයින් හමුවී මේ සම්න්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමටද සභාපති අශෝක පීරිස් මහතා මෙහිදී එකගතාවය පළ කර ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය හා පළාත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම්වරුන් වන අනුරාධ සෙනවිරත්න,ටී.ඩබ්ලිව්.එම්.අබේසිංහ,ධම්මික මුණසිංහ,සමන්ත උදයංග,මාධ්‍ය සම්න්ධීකාරක ගීතානන්ද තිලකරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article