හාල්දඩුවන ප්‍රදේශයේ ව්‍යාපාරික සමාගමක් වන ජයින්දි එක්ස්පෝට් නම් සමාගමක් විසින් එම ප්‍රෙද්ශයේ පුද්ගලික ඉඩමක භුගත ජලය ලබාගැනීම සඳහා නළ ලිං 3ක් ඉදිකිරිම සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන්ගේ විරෝධය මතුවී තිබේ. මෙම සමාගම පොල් නිෂ්පාදන ආශ්‍රිතව නිෂ්පාදන සිදුකරන අතර අපනයනය කරන සමාගමකි. ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ජලය මේ අකාරයට ලබාගැනිමට නළ ලිං ඉදිකර ඇති අතර, අධික ධාරිතාවයකින් මෙසේ භුගත ජලය ලබාගැනීමෙන් මතුපිට ජලය සිඳීයාමක් සිදුවිය ඇති බවට ප්‍රෙද්ශවාසීන් බිය පළකරති. එමෙන්ම මෙම නල ලිං ඉදිකර ඇත්තේ ප්‍රා.ලේකම් කාර්යාලයේද අවසරය නොමැති බවත් වාර්තාවේ.
ජයින්දි එක්ස්පෝට් සමාගම විසින් මේ වනවිට මෙම නළ ලිං සඳහා දංකොටුව ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් අවසර ඉල්ලා ඇති අතර එයට අවසර නොලැබී ඇති පසුබිමක,වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ අවසරය ඉල්ලා තිබේ.
මේ වනවිට මෙම සමාගමට අයත් භුගත ජලය ලබාගන්නා නල ලිං දෙකක් හෙට්ටිවත්ත සහ කර්මාන්තපුරයේ ඉදිකර ඇති බවටත වාර්තා වේ.
මේ ආකාරයට භුගත ජලය ලබාගන්නා නළ ලිං දංකොටුව කර්මාන්තපුරයේ මෙන්ම ඒ අවට ද ඉදිකර ඇත. මේ ආකාරයට භුගත ජලය ලබාගැනීමෙන් දීර්ඝකාලීනව පරිසර ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවටත්, මේ වනවිට ගෝලීයව සිදුවී ඇති කාලගුණික විපර්්‍යාසවලට මෙවැනි කාරණා බලපෑ හැකි බවත් ප්‍රදේශවාසීන් අදහස් පළකරති.
පසුගිය 09වනදා පැවති වෙන්නප්පුව ප්‍රාදේශීය සභා රැස්වීමේදි මෙම කරුණ සම්බන්ධයෙන් අවධානයට යොමු විය. ප්‍රා.සභා මන්ත්‍රීවරුන් වන ශාන්ත පෙරේරා සහ ජනක චමින්ද ජයසේකර යන මහත්වරුන් මෙම නළ ලිං සම්බන්ධව ඇතිවියහැකි පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු ඉදිරිපත් කරන ලදි.
ඉදිරියේදී ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යාෙව්දින් විසින් අවධාරණය කරන නියං තත්ත්වයකදී මෙවැනි කාරණා විශාල වශයෙන් බලපෑ හැකි බවටද පරිසර කමිටුවේදී අවධානයට ලක්වී තිබේ.







