වයස අවුරුදු 05 ක් වන පෙර පාසල් යන දැරිවියකට ලිංගික අතවර කළ බව කියන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා මාදම්පේ – කරුකුවටවව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතවරයට පත්ව ඇති දැරිවිය බිස්කට් මිලදී ගැනීම සදහා සැකකරු විසින් පවත්වා ගෙන යන ව්‍යාපාරීක ස්ථානයට ගොස් ඇත. එම අවස්ථාවේදී දැරිවියව තම වෙළද සැළ ඇතුළට ගෙන ඇති සැකකරු මුලින්ම ඇයව සිප වැළද ගෙන පසුව අතවර කර ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිල්ලේ සදහන් වේ.
සිද්ධිය දැන ගෙන ඇති දැරිවියගේ මව මේ බව මාදම්පේ පොලීසියට පැමිණිළි කර ඇත.දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.







