මේ දිනවල පවතින ඩෙංගු අවදානම හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි ප්‍රෙද්ශ ලෙස වෙන්නප්පුව සහ මාදම්පේ හඳුනාගෙන තිබේ. මේ දිනවල පවතින ඩෙංගු අවදානම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම හා පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් අනෙකුත් ආයතන සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබයි. වෙන්නප්පුව මහජන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි සනත් ප්‍රනාන්දු මහතා සදහන් කළේ , ජුනි මාසයේදී වෙන්නප්පුවේ ඩෙංගු රෝගීන් ලෙස වාර්තා වි ඇති ගණන 25 ක් පමණ වන බවත් , ඩෙංගු කීටයන් හමුවූ ස්ථාන 25කට නීතිමය පියවර ගෙන ඇති බවයි. මේ වනවිට ඩෙංගු ව්‍යාප්තියේ අවදානමක් වෙන්නප්පුව ප්‍රෙද්ශයට ඇති බවත් ඔහු අවධාරණය කරන අතර එයට හේතුව ලෙස කඩින් කඩ සිදුවන වාර්ෂාවත්, ඩෙංගු මදුරු වර්ධනයට රැකුලක් වන බවත් එමෙන්ම රා්ගීන්ගේ වර්ධනය නිසාම ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය සිදුවිය හැකි බවත් සඳහන් කරන ලදී. ප්‍රෙද්ශයේ ශ්‍රමදාන කෙතරම් සිදුකළත් ඩෙංගු මර්ධනය කිරිමට නම් ජනතාවගේ කැපවීමත් අවශ්‍ය බව මහජන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි සනත් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. මේ වනවිට වෙන්නප්පුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත විය හැකි ස්ථාන හා ප්‍රෙෙද්ශ ලෙස මුහුදු වෙරළ ආශ්‍රිත මාලු අළෙවි කරන ස්ථාන, සිරිගම්පල ජනපදය වැනි ස්ථාන හදුනාගෙන තිබේ. එමෙන්ම වෙන්නප්පුවට විශේෂිතවු ගැටළුවක් වී ඇත්තේ විශාල සංඛ්‍යාවක් විදේශගතව සිටින බැවින් එම නිවාස පරීක්ෂා කිරීමට ඇති බාධාවන් හා එවැනි නිවාස වල මදුරුවන් බෝවීමේ ඉඩකඩ වැඩිවිමයි. මෙම ත්ත්වය යටතේ ඉදිරියේදී ගතහැකි නිතිමය පියවර මොනවාද යන්න ගැන සොයා බැලිය යුතු බව වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහසභා රැස්වීමේදී ද සාකච්ජාවට බදුන් විය.








