Friday, April 26, 2024

යටිවැහැර වත්තේ හදිසි ගින්නක් වතු අධිකාරිවරයා මරුට.

Must read

yatiwahara_fire

කුරුණෑගල, අලකොලදෙණිය, යටිවැහැර වත්තේ අද (21 දා) පස්වරුවේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එහි වතු අධිකාරිවරයා ජීවිතක්ෂයට පත්විය.

රබර් සහ පොල් වගාවක් සහිත යටිවැහැර වත්තේ කොටසක ගින්න පැතිර ගොස් ඇති අතර, එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී ඉන් පිට වූ දුම් ආඝ්‍රාණයවීම හේතුවෙන් වතු අධිකාරිවරයා ජීවිතක්ෂයට පත් වී තිබේ.

UPDATE 2018.02.23 / 6.30 pm 

කුරුණෑගල , අලකොලදෙණිය, යටිවැහැර වත්තේ පෙරේදා (21 දා) පස්වරුවේ ඇති වූ හදිසි ගින්නක්  නිවාදැමීමට උත්සාහ කිරීමේදී ඉන් පිට වූ දුම් ආඝ්‍රාණයවීම හේතුවෙන් වතු අධිකාරිවරයා එහි වතු අධිකාරිවරයා ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඒ. එම්. ප්‍රේමරත්න අබේරත්න නැමැති 57 හැවිරිදි එක්දරු පියෙකි. හෙතෙම රඹුක්කන, කටුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කුරුණෑගල වැවිලි සමාගමට අයත් යටිවැහැර වත්තේ පොල් සහ රබර් වගාවක් පවත්වාගෙන යනු ලබයි. එහි රබර් වගා කර තිබූ කොටසේ හේතුවෙන් පෙරේදා පස්වරු 2 ට පමණ ඇති වූ හදිසි ගින්නක් පිළිබදව වත්තේ මුරකරු විසින් අබේරත්න මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව එහි පැමිණි වතු අධිකාරිවරයා සේවක පිරිස සමග එක්ව ගින්න නිවාදැමීමට උත්සාහ ගෙන ඇති අතර එහිදී දුම් ආඝ්‍රාණයවීම හේතුවෙන් ශ්වසන ආබාධයකට ලක් වූ අබේරත්න මහතා කුරුණෑගල පළාත් මහා රෝහල වෙත ගෙනගොස් තිබේ. නමුත් ඒ වනවිට ඔහු මියගොස් ඇති බව රෝගියා පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබේ.

ගින්න ඇති වී ටික වේලාවකට පසුව යටිවැහැර වත්ත වෙත පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනී නිවීමේ ඒකකය විසින් පැතිරයමින් තිබූ ගින්න මැඩපවත්වනු ලැබීය. ඒ වනවිටත් ගින්නට හසුවීමෙන් අක්කර පහක පමණ රබර් වගාවක් විනාශ වී ගොස් තිබිණි. යටිවැහැර වත්ත පුරා හටගෙන ඇති ඉළුක් ශාඛවලට ගිනි ඇවිලීම හේතුවෙන් විශාල දුමක් පිටකරමින්, ගින්න වේගයෙන් පැතිරී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අදාල ගින්න සහ වතු අධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

යටිවැහැර වත්තේ රබර් වගාව ගින්නට හසුවීමෙන් විනාශ වී තිබූ අයුරු.

yatiwahara_fire_1

yatiwahara_fire_2

yatiwahara_fire_3

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article